IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වැවිලි සමාගම් වලට තිබූ ලැයින් ඉඩම් අයිතිය රජයට ගන්න යයි

(අංජුල මහික වීරරත්න)

වැවිලි සමාගම් වලට බදු දී තිබෙන ලැයින් කාමර පිහිටි ඉඩම් වල බදු ගිවිසුම් අහෝසි කර එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට ඉතිහාසයේ පළමු වතාවට වතු ලැයින් කාමර වල ජීවත්වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබා දීම  වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ජනාධිපතිවරයා කීය.

වතු ජනතාවට ඉඩම් අයිතිය ලබාදී නිවාස ඉදිකර ගැනීමට ද රජයේ සහාය ලබා දෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල ක්‍රීඩා පිටි වැනි පොදු ස්ථාන ඇති කළ හැකි ඉඩම් ද රජයට පවරා ගැනීමට කටයුතු කරන බව සඳහන් කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට නුවරඑළියේ දී සහභාගී  වෙමිනි. 

නුවරඑළිය ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී සිටින ගැටළු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ප්‍රදේශයේ සංවර්ධනයට අදාළ යෝජනා රැසක් ද ඔවුහු ඉදිරිපත් කළහ.



අදහස් (4)

වැවිලි සමාගම් වලට තිබූ ලැයින් ඉඩම් අයිතිය රජයට ගන්න යයි

Rohana Monday, 12 August 2024 02:37 PM

මැතිවරණ දිනය දක්වා මෙම ප්‍රකාශය වලංගුවේ.

:       6       23

සුරෛන් Monday, 12 August 2024 02:52 PM

දැන් කී පාරක් මෙවැනි බොරු කීවාද දැන් නම් වතු ජනතාව ඕවාට රැවටෙන්නේ නැහැ...

:       7       13

Gunendra Monday, 12 August 2024 03:08 PM

ඒක තමයි මීට ඉහළ එකේ සජිත් කලබල වෙලා තියෙන්නේ. එයාට රනිල් ගෙන් තව හුඟක් දේවල් ඉගෙන ගන්න වෙයි වගේ.

:       1       12

duma Monday, 12 August 2024 04:17 PM

ඇත්ත, ඉදිරියට මේ මිනිස්සු වතු රැකියා කිරීමට බැරිය. නවීන තාක්‍ෂණය සමග රැකියා ප්‍රමාණය අවම වේ. කැමැති පිරිස් වලට වතුවලින් ඈත් වෙලා රටේ මුඩු බිම් නව නගර, ගම්මාන බවට පත්කරලා පදිංචි කරන්න ඕනේ .. උතුරු, නැගෙනහිර නව ගොවිබිම්... කර්මාන්ත ඇති කරන්න ඕනේ .. දරුවන්ට වෘත්තීය පුහුණුව දෙන්න ඕනේ, අනික කදුකර ජනගහණය වැඩි වීම පාරිසරක ගැටළු වලටත් මුලක් .. දීර්ඝ කාලීනව මේ පිරිස් පහත රට අයගේ ගොවිබිම් වලට යවන්න ඕනේ, ඔය දෙමළ ප්‍රශ්න ගැන අඬන අය මෙයාලාට උතුරේ ඉඩම් දෙනවාට කැමැති නෑ.. ඉගෙන ගන්නවට කැමැති නෑ.. වතුකරය කියන නායකයෝත් ඒකට කැමැති නැ. මොකද එයාලාට ඡන්ද ටික නැති වෙන නිසා. මේක තමයි ඕනේ වෙන්නේ.. වතුකරයටයි... රොබෝලා, ඩ්‍රෝන එන එක අත ළඟයි.. මුක්කු ගහන්න එපා. රටක් විදියට නැගිටින්න බලමු...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site