(සිතුම් චතුරංග)
වවුනියාව, ඊරට්පෙරියකුලම වැවේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (02) සවස දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව ඊරට්පෙරියකුලම පොලිසිය කියයි.
පාසල් සිසුන් සිව් දෙනෙකු සවස් කාලයේ දිය නෑම සඳහා ඊරට්පෙරියකුලම වැව වෙත පැමිණ ඇති අතර දිය නාමින් සිටියදී සිසුන් දෙදෙනෙකු එකවර දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
එලෙස දියේ ගිලී ජීවිතක්ෂයටපත්ව ඇත්තේ වවුනියාව තේක්කවත්ත පදිංචි නදීශාන් නිදුසර (14) සහ කාර්තන් කයිලාෂ් (16) නැමති පාසල් සිසුන් දෙදෙනකු ය.
පොලිසිය පැවසූයේ මියගිය සිසුන් දෙදෙනා දියේ ගිලෙන අවස්ථාවේ ඔවුන් සමඟ සිටි අනෙක් දරුවන් දෙදෙනා පිහිනාවිත් දිවි බේරාගෙන ඇති බවය.
දියේ ගිලී අතුරුදහන්වූ දරුවන් දෙදෙනා සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා ප්‍ර ෙද්ශවාසීන් පැය දෙකකට ආසන්න කාලයක් වැව තුල සෝදිසි මෙහෙයුම් සිදුකිරීමෙන් අනතුරුව ඔවුන්ෙග් සිරුරු සොයාගෙන තිබේ.
මියගිය ළමුන් දෙදෙනාගේ සිරුරු ගොඩට රැගෙනඒමෙන් අනතුරුව වවුනියාව මහ රෝහල වෙත රැගෙන එනු ලැබීය.
සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්රාැත් පරීක්ෂණයෙන් අනතරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.
වවුනියාව ඊරට්පෙරියකුලම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වවුනියාවේත් සිසුහු දෙදෙනෙක් දියේ ගිලී මියගිහින්