තරිඳු ජයවර්ධන
මඩකලපුව වව්නතිව් පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයා මුදා හැරීම සඳහා රැඳවුම් නියෝග අහෝසි කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පොලිස් නිලධාරීන් දෙදෙනා කපා කොටා සහ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය සංවිධානය කරනු ලැබූ කල්ලිය විසින්ම බව අනාවරණය වීමත් සමඟ මෙම සැකකරු මුදා හැරීමට පොලිසිය තීරණය කර තිබේ.
කදිරමාතම්බි ඉරාජකුමාරන් හෙවත් අජන්තන් නම් එම සැකකරු මුදා හැරීමට ආරක්ෂක අමාත්‍යශයෙන් අනුමැතිය ලැබුණු පසු ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.
වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි අම්පාර කල්මුණේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් 8624 ජී දිනේෂ් (28) සහ ගාල්ල උඩුගම පදිංචිව සිටි පොලිස් කොස්තාපල් 82162 ඩබ්ලිව් ජී එන් අයි ප්‍රසන්න (35) කපා කොටා සහ වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් 30 වැනි දා ය.
ඊට පෙර එම ප්‍රදේශයේ පැවැත්වීමට ගිය මහ විරු සැමරුම් උළෙලක් නැවැත්විමට පොලිසිය පියවර ගෙන තිබුණු අතර පොලිසියේ දෙදෙනා ඝාතනය සහ සැමරුම් උළෙල නැවැත්වීම අතර සම්බන්ධයක් ඇතැයි පොලිසිය මුලින් සැක කළේය.
ඒ අනුව කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ කට්සන් පාරේ පදිංචි ආර් සර්වනාඳන් (48) නම් සැකකරු මුලින්ම අත්අඩංගුවට ගත් අතර පසුව වව්නතිව්හි කන්නන්කුඩා කරනයාකාන්තිවුහි පදිංචි කදිරමාතම්බි ඉරාජකුමාරන් හෙවත් අජන්තන් අත්අඩංගුවට ගැණිනි.
‘ඇල්ෆා නයින්’ නමින් හැඳින් වූ ඔහු එල්ටීටීඊ සමයේ නැගෙනහිර පළාතේ බුද්ධි නායකයකු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
මෙම සැකකරුවන් දෙදෙනාටම මාස තුනක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු කිලිනොච්චියෙන් අත්අඩංගුවට ගත් සැකකරු මුදා හැරි අතර වව්නතිව් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට පසුගිය මාර්තු මාසයේදී තවත් මාස තුනක රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මේ මිනිස්සු නිරපරාදේ හිර කරන් ඉඳලා දස වද දීලා අන්තිමට ඇත්තටම සිංහලයා එක්ක වෛරයක් ඇති වෙලා නැද්ද කියලා..
"" නිදොස් කොට .. නිදහස් කලයුතුයි "" ලැබිය යුතු වන්දි .. ගැනද ක්‍රියාකාරී වෙන්න !!! එහෙම වුනොත් පමණයි අපිට අපේ නීතියේ .. ගරුත්වය රැකගන්න හැකිවෙන්නේ .. !
නුවන් කියන කතාව නම් සහතික ඇත්ත. සමහර පොලීසි වැඩක් කලොත් ගමකනවා. සීඅයිඩී නොවන්න ඕක යන්නෙත් අර මනුස්සයගේ පිටින්. ත්රස්තවාදීන් බිහිවීමට බීජ රෝපණය වෙන්නෙත් මෙහෙමයි. ඉස්සරම එල්ටීටීඊය මතුවුණු කාලයේ දෙමළ මිනිස්සු බහුතරයක් වගේ අකැමැති වුණා. නමුත් අපේ මිනිස්සුන්ගේ වැඩ නිසා ඉබේම අනිත් මිනිස්සුත් බොහෝමයක් ඒකට ඇදිලා ගියා. අදත් සමහර දේශපාලනය කරන අය බලන්නේ ඒ තත්වයම ඇතිකරන්න. වෙලාවට මිනිස්සු බොහෝමයක් මොලෙන් වැඩ කරන්නේ...