(විමුක්ති එස් රුද්‍රිගු)
මහ කන්නයේදී වගා කරනු ඇති භූමි ප්‍රමාණය මත පදනම්ව එක් එක් ගොවීන් වෙත ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පොහොර ලබා දෙන බව ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශයේ සහාය ඇතිව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය ලබා දෙන අරමුදල් හරහා ශ්‍රී ලංකාවේ සියලුම ගොවීන් වෙත ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පොහොර ලබා දෙන බවත් ඒ සඳහා ටොන් 36000 වෙන් කර තිබෙන බවත් ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එක් එක් වී ගොවියා වෙත වෙන් කර ඇති පොහොර ප්‍රමාණය තීරණය කිරීමේදී යොදා ගන්නා ලද, මේ වර්ෂයේ මහකන්නයේ වගාකරන ලද භූමි ප්‍රමාණය පිළිබඳ විස්තරය,බෙදාහැරීමේ ලැයිස්තුව ද සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථාන වල ප්‍රකාශයට පත්කර ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇතැයි ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.
අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් තම තමන්ගේ විස්තර එකී ලැයිස්තුවට ඇතුළත් කර ඇත්දැයි විමසා බලන ලෙස සුදුසුකම් ලත් සියලු වී ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ. බෙදාහැරීමේ ලැයිස්තුව 2023 ජනවාරි 5 දින දක්වා සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙනු ඇති අතර, පොහොර බෙදා දෙන දිනය ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දැනුම්දෙනු ඇති බව ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් , රබර් සහ අනෙක් ඒවට මොකද වෙන්නෙ. මේව වැදගත් නැද්ද?