(ඉන්දිකා රාමනායක)
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්රතන නාහිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක් කර තිබේ.
තමන්ට සහ ගෝල හිමිවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින් තර්ජන එල්ල වන බවත්, දිගින් දිගයම සිදුවන මෙම තර්ජන උණ්වහන්සේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ’ලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය වලවාහැංගුනවැවේ ධම්රතන හිමියන්ගෙන් කළ විමසුමකදී උණ්වහන්සේ පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම මිහින්තලේ පොලිසියට පැමි’ණ’ලි දෙකක් ඉදිරිපත් කළ බවත්, දිගින් දිගටම එම තත්ත්වය පැවැතීම හෙතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ’ලි කළ බවයි.
13 වැනි ආණ්ඩුක්රපම ව්යනවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව හා එය හකුලා ගන්නා ලෙස බලකරමින් තමන් වහනසේ ඇතුලු මහා සංඝරත්නය ප්ර්මුඛ ත්රෛකනිකායික භික්ෂු එකමුතුව විසින් ජනාධිපතිවරයාට , රජයට විවිධ විරෝධතා දැක්වීමෙන් පසු මෙම තර්ජන එල්ල වී ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ
අනේ සාදු ඔයාගේ ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වලට මාවත් ඇඩ්කරගන්නකෝ වෙන මොකකටවාත් නෙවෙයි අනේ… ඉක්මනටම නිවන් යන්න. (ලයිට් නෙවෙයි හොදේ…)
හාමුදුරුවනේ පොඩ්ඩක් හොයලා බලන්න රනිල් ගේ ගැටව් සෙටි එක කරන වැඩක්ද කියලා .එහෙම නැත්නම් මහින්ද මහත්තයා කොටි යලි නැගිටුවන්න උත්සහ කරනවද කියලා. ඒ කොහොම උනත් පහුගිය දවස්වල ආණ්වට කඩේ ගිය විදිහට ඔබවහන්සේ නොදැන ඕවා වෙන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කරනේ.
ආයෙත් වචන දෙකක් නැහැ.. ඔය දියවන්නාවේ එකාලා විධායකය කියන එකේ ආශිර්වාදය ඇතුව තමයි එවැනි දේවල් සිදුකරන්නේ...
අනේ සිංහල බෞද්ධයිනි...