(යොහාන් භාසුර)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී අද පෙරවරුවේ දුම්රියක කන්ටේනරයක් ගැටීමෙන් සිදුවූ අනතුරේදී එම දුම්රිය එංජිමට දැඩි හානි සිදුවී ඇති බවත් එම හානිය කෝටි ගණනක් වන බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.  

දුම්රිය එංජිමට දැඩි හානි සිදුවී තිබීම නිසා එම එන්ජිම වෙනත් එන්ජිමකින් ඇදගෙන යාමට සිදුව ඇති බවද කී ඉදිපොළගේ මහතා ඉන්පසුව සිදු වී ඇති  හානිය ඇස්තමේන්තු කළ හැකි බවද සඳහන් කළේය.