
(ජේ.කේ.එල්. චාමින්ද)
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට ඇති ලිපියට අනුව සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම සනාථ කළ හැකි පරිදි ඇගිලි සලකුණු යන්ත්‍ර 2017 වර්ෂයේ ජුලි මස 01 වැනිදින සිට ක්‍රියාත්මක නොකරන්නේ නම් වර්තමාන වැටුපට අනුව අතිකාල දිමනා නොගෙවිමට වගබලාගතයුතු බවට දන්වා තිබුණි.
ඉකුත් වර්ෂයේ දි (2023) සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් රුපියල් මිලියන තිස්අටදහස් දෙසියතිස්හයයයි. ශත අසුතුනක මුදලක් (38,236.83 ) ගෙවා තිබුණි.
අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැයකොට තිබු මුළු මුදල වැටුප් පිරිවැයෙන් සියයට 72ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ ප්‍රකාරව ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළයුතු බවට උපදෙස් ලබාදෙමින් අභ්‍යන්තර චක්‍ර ලේඛයක් හා පොදු ලිපියක් නිකුත්කර ඇති නමුත් වෘත්තිය සමිති විරෝධතා හේතුවෙන් මෙතෙක් එය ක්‍රියාත්මක කිරිමට නොහැකිවි ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ ඇඟිලි සළකුණු යන්ත්‍ර කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක් කියන්නේ ඒවා සවිකරන්නේ කාර්‍යාල ගත නිලධාරි හා සේවකයින්ට පමණක් නිසා. කාර්‍යාලයේ සේවය කරන පිරිස්වලට වඩා ක්ෂේත්‍රගත නිලධාරින් ඉන්නවා. සමහරක් නිලධාරින් ඉදිරි වැඩ සටහනේ ක්ෂේත්‍ර රාජකාරිවල කියලා පරීක්ෂණවලට යන්නේ තමන්ගේ ගමේ අල්ලපු නිවසේ වෙන අවස්ථාවන් අනන්තවත් තියෙනවා... පැයකින් නැත්නම් පැය භාගෙකින් කරන්න පුළුවන් වැඩේට පැය දොලහම ගතකර ඊළඟ මාසයේ මුල් දිනයේ ගමන් වියදම් ගන්නවා. ඇත්තටම මෙයින් අසාධාරණකම් වෙන්නේ කළමනාකරණ නිලධාරි හා සුළු සේවකයින්ට පමණයි. වාසියක් වෙන්නේ සැපයුම් කරන නිලධාරින්ට කොමිස් ලැබෙන නිසා තමයි... උදාහරණයක් ලෙසට කළමනාකරණ නිලධාරි කෙනෙක් සංවර්ධන නිලධාරියෙක් හා කාකාස කෙනෙකුත් ක්ෂේත්‍ර නිලධාරි හත් අට දෙනෙක් සිටින තැනකට ඇඟිලි සළකුණු යන්ත්‍රය මොකටද?
සත්‍ය තත්ත්වය දැනගත යුතු ය මෙම අතිකාල වියදමෙන් වැඩිම කොටස ගෙවා ඇත්තේ වෛද්‍ය නිලධාරින්ට ය. නමුත් ඔවුන් සේවයට පැමිණීම හා පිටවීම සටහන් කරන්නේ රජයෙන්ම දෙන තමන් විසින්ම පවත්වාගෙන යන දින පොතක ය. අනෙකුත් සියළුම දෙනා අධීක්ෂණ නිළධාරියෙක් ගේ අධීක්ෂණ යටතේ අත්සන් පොතක අත්සන් කරයි. අමාත්‍යාංශය නියම කරන්නේ වෛද්‍ය නිලධාරින් හැර අනෙකුත් අයට පමනක් ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතයෙන් පැමිණීම හා පිටවීම සටහන් කිරීමට ය. එකම ක්ෂේත්‍රයක සේවය කරන කන්ඩායම් දෙකකට දෙවිදිහකට සැලකීම නිසාය වෘත්තීය සමිති විරෝධය පලකර මෙම ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම ගැන හොදින් සිතා බලන්න
ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට එරෙහිව වෘත්තිය සමිති වැඩ වර්ජනය කළා මතකයි. හැබයි දැන් ඒවා ක්‍රියාත්මක කිරීම පහසුයි...
ඇඟිළි සලකුණු යන්ත්‍ර වලට ලංකාවෙ විරුද්ධ වුණු එකම පිරිස වෛද්‍යවරු. ඒකට හේතුව හොරට අතිකාල ගන්න එක. රටේ කවුරුත් දන්නවානේ බහුතරයක් දොස්තරලා හවස 2 න් 4 න් පස්සේ තනිකරම පුද්ගලික සේවයේ. නමුත් අතිකාල පැය 4 ක් ගන්නවා. පැය 24 සේවා මුරයක් කළොත් සති ගාණක් නිවාඩු. නොදන්නා මිනිස්සු හිතන්නේ හැමදාම පැය 24 සේවා මුර කරනවා කියලා. එහෙම නෑ. දොස්තරලා 2 ක් ඉන්න ඕනෑ තැනට එයාලා කතා වෙලා එක්නකෙයි ඉන්නේ. අනික් කෙනා එක්කෝ ගෙදර නැත්තම් පුද්ගලික රෝහලක වැඩ... රජයෙනුත් වැටුප අතිකාල ගන්න ගමන්. මේ ගොල්ලෝ හොර අතිකාල ලක්ෂ ගණන් ගන්නවා. නමුත් පුද්ගලික රෝහල්වල නම් ඇඟිලි සලකුණු තියනවා. රජයේ තියන්න කිව්වාම ස්ට්‍රයික්. ඕකේ පිහිටෙන් රස්සජනගර සේවකයෝ එම්ල්ටීලා ඔක්කෝම රාජකාරි වෙලාවේ පුද්ගලික සේවයේ. හරියට බැලුවොත් මාසෙකට රු. බිලියන ගණනක් ගසා කන තැනක් තමයි සෞඛ්‍ය සේවය. ලාබ අලාභ නොබලන නිසා කවුරුත් දන්නේ නෑ.
ඇඟිළි සලකුණු තියන්න බැරි හේතුව ලෙස දොස්තරල කියන්නේ එයාලා උදේට දුවගෙන එන්නේ ශල්‍යාගාරයට කියලා. එහෙම බැලුවොත් චර්ම රෝග, මානසික රෝග වගේ දොස්තරලත් ශල්‍යාගාර වලටද උදේම දුවගෙන එන්නේ? සෞඛ්‍ය අමාත්‍යංශයේ දොස්තරලාත් ශල්‍යාගාරවලටද දුවගෙන එන්නේ...? ලංකාවේ දොස්තරලා ප්‍රමාණය, ශල්‍යාගාර ප්‍රමාණය සලකලා එක සැත්කමට දොස්තර 4 ක් ඉන්නවා කාලය පැය 4 ගානේ (සාමාන්‍ය අගය ලෙස) අරගෙන රටේ මුළු ජනගහනයෙන් බෙදුවත් (හරි නම් බෙදන්න ඕනි රෝගීන් ගණනින්) රටේ සෑම පුරවැසියෙක්ම සෑම අවුරුදු දෙකකට සැරයක් සැත්කමකට ලක් වෙන්න ඕනැ. ගොම නඩයේ ඔය බොළඳ බොරු හොඳයි පොඩි ළමයින්ට. හැමෝටම හැම වෙලේම ඇඟිලි සලකුණු තියන්න බෑ. එක ඇත්ත. ඒක හැම සේවයකටම පොදුයි. දොස්තරලාට විතරක් නෙවෙයි. ඒකට තම අංශ ප්‍රධානියෙක් ඉන්නේ. ඒයා ඒවා අත්සන් කරලා දෙනවා. නමුත් අනිත් වෙලාවට තියන්න ඕනෑ. උදේ 8.30 වෙනකොට දොස්තරල කීයද සායන වලට එන්නේ. බහුතරයක් උදේ 9.30 වෙනකන් පුද්ගලික සේවයේ. රජයේ රෝහලේ ලෙඩ්ඩු පෝලිමේ....
ඇඟිළි සලකුණු තියන්න බැරිනම් කරන්න ඕනි දේ තමා සෑම රෝහලකම ඇතුල් වීමට ඇති ගේට්ටු සියල්ලටම ත්‍රිවිධ හමුදාවේ හෝ සිවිල් ආරක්ෂක නිලධාරින් යොදවලා දොස්තරලා ඇතුලු සෑම සෞඛ්‍ය සේවකයෙක්ම රෝහලට එන යන වෙලාව සටහන් කර ගැනීම. එකම රෝහලේ සතියක් වැඩ කරන්කොට හැමෝගේම මූණු මතක හිටිනවා. දොස්තරගේ වාහනේ අංකයෙන් හොය ගන්නත් පුළුවන්. එතකොට ඔය කියන විදියට එයාලා කෙලින්ම ශල්‍යාගාරවලට දුවයි. හමුදාවේ අයට වැඩකුත් හම්බවෙනවා. ඉස්සර දේශපාලුවන්ගේ ගෙවල් සුද්ද කරනවට වඩා. ඔය කියන බිලියන 38, 60 % කින් වගේ අඩුවෙනවා.