IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වලල්ලාවිට වනජීවී කාර්යාලය පමාවීමෙන් සත්ව ජීවිත අනතුරේ

(ඩයනා උදයංගනී)

ඉහළ ජෛව විවිධත්වයක් පවතින අතිශය සංවේදී පරිසර පද්ධතියකින් වන කළුතර, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටුවීමට සැලසුම් කළ වනජීවී කාර්යාලය පමාවීම හේතුවෙන් එහි වෙසෙන දුර්ලභ සතුන්ගේ ජීවිත ආරක්‍ෂාවට දැඩි තර්ජන එල්ල වී ඇතැයි පරිසර සංවිධාන පවසයි.

මස් පිණිස ගෝනුන්, ඌරන්, ඉත්තෑවන් වැනි සතුන් දඩයම් කිරීම, ජාන කොල්ලය හා වෙළඳාම සඳහා වටිනා ශාක විශේෂ සහ උරගයින්, පක්ෂීන්, උභයජීවීන්, මත්ස්‍යයින්, දිලීර, ලයිකන වැනි ජෛව කොටස් එකතු කිරීම වැනි ජාවාරම්, විසිතුරු මිරිදිය මසුන් ලෙස අලෙවිය සඳහා එකතු කිරීම ආදිය මෙම ප්‍රදේශයන් තුල හොර රහසේ සිදුවන බවද පරිසර සංවිධාන සඳහන් කරයි.

එමෙන්ම ස්වාභාවික හෝ මානව ක්‍රියාකාරකම් නිසා වනජීවින්ට අනතුරු හෝ විපත් සිදුවූ විට ප්‍රතිකාර ලබාදීම පමාවීම නිසා මේ වන විටත් සතුන් රැසකට දිවි අහිමි වී ඇතැයි පරිසරවේදී පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.

මෙම ප්‍රදේශය තුල වනජීවී කාර්යාලයක් පවත්වාගෙන ගෙන යා හැකි නම් ප්‍රදේශයයේ වනජිවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම වනජීවී ජාවාරම් නවතා දැමීමට හැකියාව ලැබෙනු ඇතැයි කී කරුණාරත්න මහතා මෙහි වනජීවී කාර්යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ලබාගැනීමට ඉකුත් මාර්තු මාසයේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේතුව අවශ්‍ය කටයුතු ආරම්භ කල ද මෙතෙක් කාර්යාලය පිහිටුවීමක් සිදු නොවූ බව ද හෙතෙම කීවේය. 

 



අදහස් (0)

වලල්ලාවිට වනජීවී කාර්යාලය පමාවීමෙන් සත්ව ජීවිත අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site