
(යොහාන් භාසුර)
යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිල් වෙල්ලාලගේ (10/4) විශිෂ්ට පන්දු යැවීමක නිරත වීම නිසා මෙවර ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ හත්වැනි තරගය ලෙස අද (4) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී ජැෆ්නා කිංග්ස් පිල කඩුලු 8 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කළේය.
ජැෆ්නා පිල ලැබූ දෙවැනි ජයග්‍රහණයත් සමඟ ගෝල් ටයිටන්ස් පිලේ අපරාජිත වාර්තාව බිඳවැටුණි.
ගෝල් ටයිටන්ස් පිල ලකුණු 118 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 12.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
දුනිල් වෙල්ලාලගේ ඕවර හතරේදී ලකුණු 10 ක් පමණක් දෙමින් කඩුලු 4 ක් දවාගැනීමෙන් ගෝල් ටයිටන්ස් ඉනිම බිඳවැටුණි. ගෝල් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 9 ට 117 (ෂෙවෝන් ඩැනියල් 25, ලසිත් කෘස්පුල්ලේ 19, ටිම් ශීෆට් 18, දසුන් ශානක 30, දුනිත් වෙල්ලාලගේ 10/4) ජැෆ්නා කිංග්ස් පිල ඕවර 12.4 කදී කඩුලු 2 ට 120 (රහමනුල්ලා ගුර්බාෂ් 54, ටොව්හිඩ් රිඩෝයි නොදැවී 44)
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙල්ලාලගේ ජැෆ්නා පිලට දෙවැනි ජය ගෙනෙයි