
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු ගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බ්ලූමැන්ඩල් රවී නැමැත්තා විසින් මෙහෙය වූ එකක් බවට අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි .
එම ඝාතනයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් රවී නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් පරිපාලක ලෙස කටයුතු කරන කොටහේන, කොටහේන වීදිය ප්‍රදේශයේ පුද්ගලයකු හා එම ජාවාරමට සහ ඝාතන සිද්ධියට සෘජුව සහාය ලබා දුන් කාන්තාවක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු සන්තකයේ තිබී එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 17 ලක්ෂ 59000 ක මුදලක් අලුත්ම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන 9 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් , යතුරු පැදි ත්‍රිරෝද රථ හා ලොරි රථ 21 කට අයත් ආදායම් බලපත් හා රක්ෂණ සහතික 21 ක් විවිධ බැංකු පොත් දහයක් සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ. පොලිසියේ මහන්සිය අපරාදේ. අර අරහෙට දාපු ගමන් මෙයාලගේ පැත්තට කතා කරන්න එයාලා දැන්ම ලෑස්ති ඇති. අන්තිමට පොලිසියේ මහන්සිය වතුරේ. මේ විදිහට සේරම අපරාධකාරයින් සමාජය තුළම හොඳින් වැජඹෙනවා.