(ටෝනි කරුණානායක)
වාලම්පුරියක් බවට සැකකරන බෙල්ලෙකු සන්තකයේ තබාගෙන විකිණීමට තැත් කළ දේවාලයක කපුවෙකු සහ තැරැව්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.
දිවුලපිටිය , කාසල් වත්ත ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන සැකකාර කපු මහතා සන්තකයේ ඇති වාලම්පුරියක් රුපියල් ලක්ෂ පහකට විකුණන බව කපු මහතා විසින් තැරැව්කරුවන් දෙදෙනාට පවසා තිබේ. තැරැව්කරුවන් දෙදෙනා එම වාලම්පුරිය රුපියල් ලක්ෂ 13 කට විකිණීමට විකිණීමට ගැනුම්කරුවන් සොයන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇති බව පොලීසිය කියයි.
වාලම්පුරිය මිලට ගැනීම සඳහා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමඟ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියකු ද එක් කළ බව දිවුලපිටිය පොලීසිය පවසයි.
තැරව්කරුවන් දෙදෙනා සමඟ නිලධාරීන් දේවාලයට ගොස් වාලම්පුරි මිලට ගැනීමට සූදානම් වන අවස්ථාවේ සැඟව සිටි පොලිස් නිලධාරීන් විසින් තැරැව්කරුවන් දෙදෙනා සහ කපු මහතා ඇතුළු වාලම්පුරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සත්‍ය වාලම්පුරියක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝග ලබාගෙන වාලම්පුරිය නාරා ආයතනය වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. සැකකරුවන් තිදෙනාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (23) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මිනිස්සු මේවා කරන්නේ ජීවත් වෙන්ට කීයක් හරි හොයා ගන්ට.
දකුණට කැරකුණු බෙලිකට්ටක් වාලම්පුරියක් ලෙස සැලකෙන බව පැවසෙනවා.මේ සමාජ සම්මත මෙවන් වාලම්පුරි සිද්ධස්ථාන වල හා නිදන්වල තිබෙන අවස්ථා ඇති බවත් පැවසෙනවා.නීති විරෝධී ලෙස ලබා නොගත් වාලම්පුරි අලෙවි කිරීමේ අයිතිය මිනිසුන් වෙත තිබෙනවා. ඒත්,නීති විරෝධී නොවන ඒවාත් පොලීසිය අල්ලන බව කියැවෙන අවස්ථාත් තිබෙනවා.දකුණට කැරකුණ බෙලිකටු නීති විරෝධී නොවන බව පැහැදිලි වේ නම්,ඒවා පොලීසිය අල්ලන්නේ නම් එය කොතරම් දුරට සාධාරණ දැයි සිතා බැලිය යුතුය.පිට රටවල දකුණට කැරකුනු බෙලිකටු තිබේ. ඒවා කව්රු හෝ ගන්නවානම් ගෙනැත් විකිණීමේ අයිතියට පොලීසිය බාධා කිරීම සාධාරණ නොවේ.නීති විරෝධී නොවන දකුණට කැරකුණු බෙලිකටු මිළට ගැනීම ද වරදක් බව නොපෙනේ. වමට හැරී ඇති බෙලිකටු පයේ හැපුණත් ඒවා පොලීසිය විසින් අල්ලන්නේ නැත.නීති විරෝධී නොවන දකුණට කැරකුණු බෙලිකටු පොලීසිය විසින් අල්ලන්නේ නම් ඒ වෙනුවෙන් අසාධාරණයට ලක් වන්නන් මානව හිමිකම් සංවිධාන වල සහාය පැතිය යුතු බව මගේ අදහසයි.ඒ අදහස දැරීමේ අයිතිය හා පැවසීමේ අයිතිය මා සතුව පවතී.