
(සිතුම් චතුරංග)
නිධානයකින් ගොඩගත් බවට සැකකෙරෙන වාලම්පුරියක් සහ විවිධ ප්‍රමාණයේ මැණික් ගල් දහයක් සමඟ පුද්ගලයින් තිදෙනකු මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී නිවස තුළ සඟවා තිබූ වාලම්පුරිය සහ මැණික් ගල් සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.
සොයාගත් මැණික්ගල් සහ වාලම්පුරිය සැකකරුවන් තිදෙනා විසින් ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම සඳහා විශාල මුදලකට සූදනම් කර තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවද පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බළකාය සැකකරුවන්ගෙන් වැඩිදුර සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම වාලම්පුරිය සහ මැණික් ගල් තමන්ට නිධානයකින් හමුවූ බවයි.
හමුවු මැණික්ගල් ඉතා කුඩා ප්‍රමාණයේ වන අතර එහි වටිනාකම මෙතෙක් තක්සේරුකර නොමැති අතර එම මැණික් සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය හා එක්ව විමර්ශන සිදුකරන බවද විශේෂ කාර්ය බළකාය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 ත් 38 අතර වයසේ පසුවන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රවෘත්තිය අනුව නම් අපිට හැඟෙන්නේ නිධන් යනු සත්‍යයක් බව යන්නයි. එහෙත් මීට ටික කලකට ඉහතදී පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අයම කියා සිටියා එය බොරු මිත්‍යා මතයක් බව.. ගජමුතු ගැනත් එලෙසමයි. ඉතින් මෙවැනි දේ නිසා වෙන්නේ ඉතුරු පරණ දාගැබ් ආදියත් නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුවීමයි. රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිධන් හෑරීම වෙනමම කතාවකි. දන්නෝ දනිති.