
(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
මේ වන විට තුවාල ලැබූ 20 දෙනකු පමණ ඩයරබා මිරාවත්ත රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.
30කට අධික පිරිසක් තුවාල ලබන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි. මේ වන විටත් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තුවාල කරුවන් ගොඩ ගෙන රෝහලට රැගෙන යාමට කටයුතු කරන බව එහි සිටින අප වාර්තා කරුවෝ පැවැසූහ.
ඉන් තරමක් බරපතල තත්වයේ සිටි තුවාල කරුවන් අට දෙනකු වැලිමඩ රෝහලට මාරු කළ යැවූ බව මිරාවත්ත රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට රජය වගකියන්න ඕනේ. රජය මේ බස් නියාමනය හරියට නොකිරීම තමා මෙවට මුල. ඒකට මෙයාලට හයියක් නැහැ. බස් රියදුරෙක් වෙන්න වෙනම ලයිසන් එකක්, පුහුණුවක්, ලිඛිත පරික්ෂණයකින් සමත් වෙන අය විතරක් ඇතුලත් කරගන්න ඔනේ. එතකොට මේ රැකියාවට එන යම්කිසි දැනුමක් ඇති අය විතරයි. මුලදී රියදුරු හිඟයක් ඇති වෙයි. හැබැයි ඒකේ මිනිස් ජීවිත නවතිනවට වඩා හොඳයි.
මේ මාස 6 ට සියලු දේවල් කරන්න අණ්ඩුවේ විශ්ව කර්මයෝ නෑ. සමස්ත රියැදුරන්ගෙන් මේ මාස 6ට ලයිසන් ගත්තු අය කීදෙනෙකු ඉන්නවාද කියලා කාට හරි කියන්න පුළුවන්ද?