
(ඩයනා උදයංගනී)
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ අපවත් වී වදාළහ.
උන්වහන්සේ අපවත් වන විට 84 වැනි වියෙහි පසුවූහ.
1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූ සේක.
මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නා හිමිපාණෝ, බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් පිදුම් ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා නාහිමිට නිවන් සුව ලැබේවා
නිල නොලත් අපේ සඟ රජුට නිවන් සුව. සංඝ සසුනට සපුරාලිය නොහැකි පාඩුවක්
ලවුඩ්ස්පීකර් දමාගෙන උදේ හවස අහල පහල මිනිස්සුන්ගේ කන්බෙර පලන භික්ෂූන්ට මෙවැනි යතිවරයාණන් වහන්සේලාගෙන් බොහෝ ජීවිත පාඩම් ඉගෙන ගන්න පුළුවනි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා !!!
හිමි රජුට නිවන් සුව
ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා.!
ඔහුට නිසි ගෞරවය ලබා දෙන්න, ඔහුව අති ගෞරවනීය හෝ නා හිමි ලෙස හඳුන්වන්න.
අපේ මහනාහියන්ට නිවන්සුව ප්‍රර්ථනා කරනවා.
කුසලධම්ම නාහිමිපාණන් වහන්සේට අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා.!!!