
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින නියං තත්වය මේ වන විට විල්පත්තුව ජාතික වන උද්‍යානයටත් බලපා ඇති අතර ඒ හේතුවෙන් ඉදිකර ඇති කොන්ක්‍රීට් පොකුණු වෙත ජලය බවුසර මගින් රැගෙන විත් දැමමිට කටයුතු කරමින් සිටින බව උද්‍යාන පාලක ආර්.ඩි.ඩි.ඩි.සමරනායක මහතා පැවසිය.
විල්පත්තුව ජාතික උද්‍යානයේ නැගෙනහිර කලාපයට අයත් මරදන්මඩුව, පර්සිබැදිව ,කුකුල්කටුව වැව් වල ජලය ක්‍රමයෙන් සිදි යාමත් සමග මෙලෙස කොන්ක්‍රීටි පොකුණු වෙත බවුසර් මගින් ජලය පොම්ප කිරීමට කටයුතු කර ඇති බව වන ජීවි නිළධාරීන් පවසයි.
කෙසේ නමුත් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ අනෙක් කලාප වල පිහිටි වැව් වල ජලය සැලකිය යුතු මට්මක පවතින බවත් ඉදිරියේදි නියං තත්වය දරුණු උවහොත් එම ජල මට්ටමද සැලකිය යුතු පහල බැසිමක් සිදුවනු ඇති බව උද්‍යාන පාලක සමරනායක මහතා පැවැසිය.
විල්පත්තුව ජාතික වනඋද්‍යානය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම වන උද්‍යානය වන අතර පුත්තලම,අනුරාධපුරය,මන්නාරම දිස්ත්‍රික්ක තුනකට මැදිව පිහිටි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැව් හිඳෙනකන් බලාගෙන ඉන්නේ නැතුව සාමාන්‍ය කාලගුණයක් තියෙන කාලේ ඇළක් හාරලා නාලා මාර්ගයක් සවි කරලා තිබ්බා නම්, වතුර නැති කාලෙට වනය ඇතුළට නොගිහින් සතුන්ට කරදරයක් නොවෙන විදියට සහ ජලය ප්‍රවාහනය කරන අයටත් සතුන්ගෙන් හිරිහැරයක් නොවෙන විදියට ජලය සපයන්නට පුළුවන්.