
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරත වු සිටි පිරිසකට පුක්කුලම ආසන්න ප්‍රදේශයෙදි එල්ල වු වල් අලි ප්‍රහාරයකින් එක් දඩයක්කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව විල්පත්තුව උද්‍යාන භාරකාර සුරංග රත්නායක මහතා පවසයි.
මෙසේ වල් අලි ප්‍රහාරයට ලක්වි අවාසනාවන්ත අයුරීන් මරණයට පත්ව ඇත්තේ මන්නාරම මරිච්චිකට්ටි ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ඒ. මොහොමඩ් නැමති අයෙකි.
වල් අලි ප්‍රහාරයට ලක්වු දඩයක්කරුවන් කල්පිටිය හා මරිච්චිකට්ටුව ප්‍රදේශ වල පදිංචි කරුවන්ය.
මොවුන් මුහුදු මාර්ගයෙන් ධීවර යාත්‍රා උපයෝගී කර ගෙන කුදිරමලේ තුඩුව ආසන්නයෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිටියදි මද කිපි සිටි අලියකුගෙ ග්‍රහණයට ලක්වි ඇති බව වනජීවි නිළධාරීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
හොඳම වැඩේ නියමයි ඔක්කොම මරලා දාන්න තිබුනේ
අවි ගත්තෝ අවියෙන්ම නසිති. බුදු බන....
හොඳම දඬුවම...
මොකෝ අත්අඩංගුවට අරගෙන නඩු දැම්මා කියලා දඬුවමක් ලැබෙන රටක් නෙවෙයිනේ. අහිංසක සත්තු මර මරා කනඑකයි, විකුණන එකයි විනෝදාංශ කරගත් ඕනෑම පුද්ගලයෙකුට හිමිවිය යුතු පළමු දඬුවම මේ. සසර පුරා තව බොහෝ විඳවීම් ඇත. ඒවා තම තම විශ්වාස මත නොව ස්වභාව ධර්මයේ සාධාරණ නීති මත ක්‍රියාත්මක වේ.
අනේ ඒ අලියාට වැඳ නමස්කාර කරන්න පුළුවන්...!