
(දයාරත්න ඇඹෝගම)
විල්පත්තුව ජාතික වනදෝන්‍යයේ පිහිටි රජයට අයත් පැරණි ගොඩනැගිල්ලක සෙවිලි තහඩු සොරා ගැනිමට උත්සහා කළ විල්පත්තුව වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරින් තිදෙනෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
කුකුල්කටුව,රනෝරාව,නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි රණබාහු මුදියන්සේලාගේ සම්පත් බණ්ඩාරනායක(45)නැමති අය පසුගිය 29 වැනි දින විල්පත්තුව රක්ෂිතයේදි උස් ස්ථානයකින් බිම ඇද වැටි සිටියදි විල්පත්තුව වනජිවි කාර්යාලයේ පිරිසක් විසින් ඔහු නොච්චියාගම රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබුණි.
මෙම පුද්ගලයා දිවුල් ගසකින් ඇද වැටි සිටියදි තමන් විසින් රෝහලට රැගෙන ආ බව විල්පත්තුව වනජිවි කාර්යාලයේ පිරිස පවසන ලද බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශණයේදි මෙම මිය ගිය පුද්ගලයාත් වනජිවි කාර්යාලයේ නිලධාරින් තිදෙනෙකු හා සිවිල් ආරක්ෂක භටයාත් විල්පත්තුව රක්ෂිතයේ පිහිටි රජයට අයත් ගොඩනැගිල්ලේ සෙවිලි තහඩු ගලවමින් සිටියදි මියගිය පුද්ගලයා වහලයෙන් බිමට ඇදවැටි මිය ගිය බවට තොරතුරැ අනාවරණය කොට ගෙන තිබුණි.
ඒ අනුව රජයේ දේපල සොරා ගැනිමට තැත් කිරිමේ චෝදනාව මත විල්පත්තුව වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන වන අඩවි සහකාර,වනජිවි නියාමක,ක්ෂ්‍රේත්‍ර සහකාර හා සිවිල් ආරක්ෂක භටයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විල්පත්තු වනජීවී කාර්යාලයේ හතරක් අත්අඩංගුවට
සංජීව Sunday, 01 September 2024 11:30 AM
රජයට අයත් දේපළ සොරා ගැනීම වරදක්. අනිවාර්යයෙන් දඬුවම් දිය යුතුයි. ඒ වගේම රජයට අයත් සමහර වාහන ගොඩනැගිලි සහ වෙනත් උපකරණ ආදී දේපළ කිසිම ප්‍රයෝජනයකට නොගෙන පොළවට පස්වන්න හැරීම ඊටත් වඩා වරදක් නොවේද? එවැනි දේට වගකිව යුතු අයද මහජන මුදල් අහිමි කරන්නන් නොවේද? ඔවුන්ට දඬුවම් දෙන්නේ කවදාද?
sam Sunday, 01 September 2024 12:32 PM
අනිවාර්යයෙන්ම මහින්දලාගේ ණය වෙන්න ඇති... ඒ වගේම හිටපු UNP දිසා ඇමැති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතාගේත් නෑයෝ වෙන්න ඇති. ජනතාවට බෙදා දෙන්න දුන්නු සෙවිලි තහඩු හොරාකාලා ඔප්පුවෙලා දේශපාලනයෙන්ම අතුගෑවුණා. ඒත් අප්පලා කළ අපරාධ ළමයි පස්සෙන් ආපු තවත් එක් අවස්ථාවක්... මේ ඔක්කොම හොරු අයියා...