IMG-LOGO

වැලන්ටයින් දා පැරණි පෙම සිහිකර කැරපොත්තන් නම් කෙරේ

‘වැලන්ටයින් දිනය’ වෙනුවෙන්, සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, කැරපොත්තකු නම් කිරීමේ වැඩසටහනක් අද (14) ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ සත්වෝද්‍යානයේ ක්‍රියාත්මක වෙයි.

සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, නම් කෙරෙන කැරපොත්තා, කැරපොත්තන් ආහාරයට ගන්නා සත්වෝද්‍යානයේ වෙනත් සතකුට කෑමට දීම ද සිදුවෙයි. ඒ, කැරපොත්තාගේ නම කියමින්, නම් තැබූ තැනැත්තා ඉදිරියේය.

සිත රිදවා, හැර ගිය පෙමට මෙසේ නම් තැබීමේ සඳහා මුදලක් අය කෙරේ. ඒ ඇමෙරිකන් ඩොලර් 5 ක් හෝ 25 ක් අතර මුදලකි. මෙම මුදල සත්වෝද්‍යානයේ නඩත්තු කටයුතු සඳහා යෙදවෙයි.

කැරපොත්තාට නම් තැබීමෙන් පසු ඩිජිටල් වැලන්ටයින් කාඞ්පතක් ලබා දීමට ද සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර ඇත. ඊට අතරව, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතියගේ දුරකතන අංකය ඇති නම් ඊට ද ඩිජිටල් පණිඩුයක් යැවෙයි. ඒ, සත්වෝද්‍යානය කැරපොත්තකු නම් කළ බව දැනුම් දෙමිනි.

(බීබීසී)



අදහස් (4)

වැලන්ටයින් දා පැරණි පෙම සිහිකර කැරපොත්තන් නම් කෙරේ

සෑම් Tuesday, 14 February 2023 11:56 AM

මේ වැඩේ ලංකාව විනාස කරපු දේශපාලකයන් සිහි කරලා කලින් තීරණය කර ගත් එකම දවසක රට පුරා කරමු.

:       29       16

සුනිල් Tuesday, 14 February 2023 03:38 PM

දැන් ඉතින් නිදහස් දිනය පහුවුණා... අපි එහෙම එකක් ඉක්මණින් අවශ්‍ය නම් මැයි 22 කරන්න යෝජනා කරමු. නැත්නම් ඊළඟ නිදහස් දවසේ කරමු...

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 14 February 2023 01:59 PM

ලංකාවේ පෙම්වතුන් හිතාගෙන ඉන්නේ වැලන්ටයින් දිනයට කල යුත්තේ කාමරේකට රිංගීම බවයි.

:       1       37

Bunny Preena Thursday, 16 February 2023 02:25 PM

අපි කැරපොත්තා වෙනුවට මදුරුවකු හඹා ගිහිල්ලා ඕවා නම්කරලා තලමු.. සතයක්වත් වියදම් වෙන්නෙත් නැහැ. ඒ වගේම මදුරුවන්ගෙන් බෝවන ලෙඩ අඩුකරගෙන බෙහෙත්වලට යන සල්ලි ඉතුරු කරගන්නත් පුළුවන්. සිදුවන අකල් මරණ අඩුකර ගන්නත් පුළුවන්. සැමදෙනාටම සැනසිල්ලේ නිදා ගන්නත්, එළි මහනේ රෑට ගැවසෙන්නත් පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 508 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 686 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 279 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site