IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


වෙල්ගමට-රාජිතට කුඩම්මගෙ සැලකිලි

(සුජිත් හේවාජුලිගේ)

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම  කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් සහ  උත්සවවලටත්  අනෙකුත් කටයුතුවලටත් සම්බන්ධ කර නොගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.

පක්ෂය සහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන්  විවේචනාත්මකව අදහස් පළ කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.

පක්ෂය සහ පක්ෂ නායකත්වය විවේචනය කළ බව කියන මෙම තිදෙනා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පක්ෂයේ බොහෝ පිරිසක් එහි නායකත්වයෙන් පසුගියදා  ඉල්ලීම් කර ඇත.

මේ අතර ෆිල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත්කර එම තනතුර පක්ෂයේ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදීමට තීරණය කර ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතය.

සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදීද  පක්ෂ නායකත්වය විවේචනය කරමින් කතාවක් කළේය.



අදහස් (15)

වෙල්ගමට-රාජිතට කුඩම්මගෙ සැලකිලි

Ruvan Tuesday, 16 July 2024 05:41 AM

රාජිත කොහොමත් බෙලි කපන එකෙක්. වෙල්ගම පහුගිය කාලේ නව ලංකා නිදහස් පක්ෂය කියලා අලුත් පක්ෂයක් හදලා ඉන්නේ. ඒ වෙලාවේ කිව්වේ එයා මැරුනමත් නිල් පාට කොඩියකින් එයාගේ පෙට්ටිය වහන්නෙ කියලා. නොකියා කිව්වේ සජබයට එකතුවුණේ ඡන්ද අරගෙන පාර්ලිමේන්තු යන්න කියලා. වෙල්ගම රාජිත දෙන්නා ගජ මිතුරන්. ඒ දෙන්නා ෆොන්සේකාට හොඳට ගැලපෙනවා.

:       7       57

nanda Tuesday, 16 July 2024 06:11 AM

පක්ෂයක චන්ද වලින් දිනලා පණ්ඩිතකම් දොඩවනකොට පන්නන්නේ නැතුව වෙන මොනවා කරන්නද ?පොහොට්ටුවෙන් දිනපු අය බොහොමයක් අද පීලි මාරු කරගෙන පොහොටුව පතුරු ගහන හැටි පේනවනේ

:       4       42

Kolamba man Tuesday, 16 July 2024 07:10 AM

මේ තුන්දෙනා සහ කිරිඇල්ල දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.... ඔවුන් නැතුව හොද රටක් අපිට තියෙනවා

:       2       43

duplicate Ralahami Tuesday, 16 July 2024 07:47 AM

තම පක්ෂ නායක දිගින් දිගටම වෙනත් පක්ෂවල උවමනාවන්ට විවේචනය කරමින් චරිත ඝාතනයේ යෙදෙමින් සිටිනා මෙවැනි අය අනිවාර්යයෙන්ම පක්ෂයෙන් ඉවත් කල යුතුමයි

:       5       36

sunitha Tuesday, 16 July 2024 08:03 AM

මේ තුන්දෙනාටම මේ මොහොතේ කිසිම ජනබලයක් නැහැ ඔහේලා මොන පක්ෂයක් දාලා ගියාත් ඒ පක්ෂයට කිසිම පාඩුවක් වෙන එකක් නැහැ ලාබයක් මිසක් මේ තුන් දෙනාම බොහොම ඉක්මනට රනිල්ට හේත්තු වෙනවා මේ ගොල්ලෝ මෙලහකටත් ගිහිල්ලා මේ පනිනවාද නැද්ද කියලා හිත හිත ඉන්නේ දැන් ඔක්කොම කියනවනේ සජිත් තමයි ඉදිරියෙන්ම ඉන්නේ අන්න ඒ හින්දා ඇත්ත වශයෙන්ම තරගය තියෙන්නේ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතරයි මේ තුන් දෙනාම අනිවාර්යෙන්ම ලබන මහා මැතිවරණයෙදී පරදිනවා

:       6       45

Lalla Tuesday, 16 July 2024 08:08 AM

තමන්ගේ ගෙදර අඩුපාඩු නොබල අනුන්ගේ ගෙවල්වලට කඩේ යන අපතයෝ පාඩම් ඉගෙන ගන්න ඕන.

:       1       36

සම්පත් Tuesday, 16 July 2024 10:17 AM

රාජිත හා වෙල්ගම කියන්නේ ස.ජ.බ. සාමාජිකයන් නොවෙයි.වෙනත් හවුල්කාර පක්ෂ වල අය.ඒ අය සජිත්ට ඕන විදියට නැටිය යුතු නෑ.ස්වාධීනව කටයුතු කළ හැකියි. හවුල්කාර පක්‍ෂවලට පල නොකියා පලා බෙදන සජබ සමග කිසිම පක්ෂයක් ඉදිරියේදී හවුල් නොවී සිටීමට මෙය හොඳ පාඩමක් කරගත යුතුයි.

:       19       25

කෙ.පර්සි Tuesday, 16 July 2024 12:32 PM

පාඨලී,වෙල්ගම,රාජිත සහ සරත් පොන්සේකා හතර දෙනාම කිසිම පක්ෂයට නොගත යුතුයි කෙලින්ම ගෙදර යැවිය යුතුයි .

:       4       42

fairoos Tuesday, 16 July 2024 05:05 PM

ජේවිපි හැර පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් ඔක්කොමලා මේ සැරේ ඡන්දෙන් පරද්දන්න ඕනෑ

:       1       1

de silva berlin Tuesday, 16 July 2024 05:28 PM

සන්ධාන ගත වුන නම් සන්ධානයේ විනය ආරක්ෂා කරන්න ඕනේ , සන්ධානයේ අනෙක් පක්ෂ හෝ දේශපාලන නායකයන්ගේ ක්‍රියා කලාප යන තම ප්‍රතිපති වලට විරුද්ධ නම් , අදාල පුද්ගලයෝ සමග සාකච්ඡා කරලා විසදගන්න බැරිනම් සන්ධානෙන් හෝ පක්ෂෙන් ඉල්ලා අස්වෙලා එළියට ගිහින් විවේචනය කරන්න පුළුවන් , මෙතන තිබෙන ප්‍රශ්නේ සන්ධානෙට හෝ පක්ෂෙට බැදිලා එම පාක්ෂිකයාගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහින් එකේම ඉඳගෙන එක විවේචනය කරමින් විරුද්ධ පාක්ෂිකයන් සමග එළිපිට කුමන්ත්‍රණය කරන එක කොච්චර කැතද ? මොන පක්ෂෙන් හෝ සන්ධානෙන් ඉල්ලුවත් දෙන්න එපා මේවගේ මිනිසුන්න්ට මනාපේ ,

:       0       0

R.T.sarath Tuesday, 16 July 2024 05:32 PM

ෆොන්සේකාට බලතණ්හාව ඔලුවට ගහලා , අනෙක් කට්ටිය එක එක පැත්තට පනිමින් පසුගිය හැම ආණ්ඩුවක්ම ඇමැතිකම් දරපු මේ ගොල්ල සුදු චරිත නොවේ ,යවන්න එපා පාර්ලිමේන්තු ගහන්න එපා මෙගොල්ලට කතිරේ

:       0       0

වීරවිෙජ් Tuesday, 16 July 2024 05:46 PM

ඕකට සමගි කියනවා කියලා අර පින්මාලුවලේ කුසල් හාමි මාලු බානවා... සිංදුවට එකතු කරන්න ඕනෑ. මන්ද මානසික පක්ෂය කියලා දාගන්න.

:       0       0

රවී Tuesday, 16 July 2024 06:02 PM

"වෙල්ගමට-රාජිතට කුඩම්මාගේ සැලකිලි" ඉතින් අපට පාන්ද?

:       0       0

Kisu Tuesday, 16 July 2024 09:09 PM

පනින්නට ලඟයි

:       0       0

රෝයි ෆෙඩ්රික්ස් Friday, 19 July 2024 11:06 AM

හැබෑටම ! මොකක්ද කුදම්ම්ගේ නම?ජල සන්නිය ආර්යාවද? ශ්‍රීමතී හේමාවෝ ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 637 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 167 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 79 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 636 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 541 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 188 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site