IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


වැලිගම සභාපති ඝාතනය ගැන දුමින්දගේ සැකය

(දිනේෂ් සමරකෝන්)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම ආණ්ඩුවේ මර්ධනයේ දෙවැනි අදියරද යන්න පිළිබඳ සැකයක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (22)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

“වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවට ගන්න දත කෑවද නැද්ද? ඒක අපි හැමෝම දන්නවා. ඡන්දේ වෙලාවේ පැහැරගෙන ගියා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු ගෙදරට වෙඩි තිබ්බා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල උත්සාහයක් දැරුවා. ඒත් පත්වුණේ සජබෙන්. ඡන්දෙන් ගන්න හැදුවා, ඊට පස්සේ වෙනත් උපක්‍රම යෙදුවා. ඒත් බලය විපක්ෂයට ගියා. ඒ සභාපතිව ඝාතනය කරලා. මේක ආණ්ඩුවේ මර්ධනයේ දෙවැනි අදියරද කියලා අපිට සැකයක් තිබෙනවා.

 



අදහස් (13)

වැලිගම සභාපති ඝාතනය ගැන දුමින්දගේ සැකය

චතුරි Wednesday, 22 October 2025 06:10 PM

දැන් උබලා තියෙන්නෙ හැම මිනිමැරුමටම මේ වගේ එකෙක් මැරුන ගමන් මාලිමාවට ඇගිල්ල දික් කරන්න. මෙයා පාතාලයේ. ගොට්ටෙක් කියන්න ජනතාව දන්නවා. නාකිමයිනගෙ කේලම් කියලා කොටවලා මිනිස්සු අවුස්සන එක. මුන්ටත් තියෙනවා. ජනතාව පිලිගන්නෙ නැහැ. ඊට පස්සෙ මැරුම් කන්නෙ මෙයා. හිතේ සැකේට කට වරද්දන්න ගියොත්. හිටපු නඩේ. සේරම හොරු මිනිමරුවෝ. පතාලයේ සමාජිකයෝ. මුන් කරපු වැරදිවලට නඩු අහන්න කලින් එලොව යනවා. ඒක කොයි තරම් ලස්සනයිද. රජයේ සල්ලිත් ඉතුරුයි. පාතාලය. දන්නවා නඩු කියලා විසදන්න බැහැ කියලා. අනිත් අයත් පරිස්සම් වෙන්න.

:       82       46

ගුණරත්න Wednesday, 22 October 2025 06:10 PM

වෙන්න පුළුවන්. ආණ්ඩුව ඉන්නේ ඉතා අධික බලොන්මාදයෙන්. පළාත් සභා ඡන්දය නොතියා ඉන්න හදන්නේත් පරාජය වෙන්න ඉඩ තියෙන නිසා. මේ පාලන කාලය අවසන් වෙනකොට රජයේ නිලධාරීන් පවා තමන්ගේ නියෝග යටතට අරන් ඡන්ද නොතියා ඉන්නත් ඉඩක් තිබෙනවා.

:       53       94

Mohan Wednesday, 22 October 2025 06:18 PM

දුමින්ද ඔයාගේ සැකය තියාගන්න. පොලිසිය ක්‍රියාමාර්ග ගනියි. බය වෙන්න එපා. ඔයාලගෙ කාලෙ වගේ නෙවෙයි.

:       28       4

Pradeep Kumara Wednesday, 22 October 2025 06:32 PM

තාත්තා මැරෙන්න කලින් අහලා දැන ගන්න තිබුනේ මර්ධනය කියන්නේ මොකක්ද කරන්නේ කොහොමද කියලා.

:       73       60

ravin Wednesday, 22 October 2025 06:46 PM

අර රන් ආලේපිත තුවක්කුවට මොකද වුණේ...?

:       74       56

Jagath Leanage Wednesday, 22 October 2025 06:49 PM

දුමින්ද! ඔයා බබා.

:       62       51

sakura Wednesday, 22 October 2025 07:35 PM

මරු ... සැක කරන්න. රත්තරන් පාට තුවක්කුව කෝකියට දුන්නේ කවුද කියලා ජනතාවටත් සැකයි.

:       67       50

Dadly Wednesday, 22 October 2025 08:20 PM

සැකේ පල කරපන්. මිනිහෙක් මැරුණම ඒක තමන්ගේ රටේ ආන්ඩුවෙන් කලා කියන්න වෙන එකම කරුමයක්..කොහොමද රටක් විදියට ලෝකෙට යන්නෙ තොපි වගේ පිම්පියො නිසා. නීති අංශවලට ඉඩ දීලා ඉදපන් කටවහන්.

:       48       33

රනේ Wednesday, 22 October 2025 08:24 PM

ඔයා ඇයි මේ කලබලේ? අපිට ඒක සැකයි..

:       38       31

ගමේ එකාලා Wednesday, 22 October 2025 08:46 PM

තමුන්ගේ තාත්තා බර්ටි ප්‍රේමලාල් කරපු අපරාදයන් ගැන තමුන්ට අමතක වෙලා? නිරපරාදේ ඝාතනය කරපු අයත් හිටියා.

:       39       37

Rata Perata Thursday, 23 October 2025 11:38 AM

මොවුන් වගේ කාලකණ්ණි දේශපාලනයෙන් අයින් කරලාම දාන්න ඕනෑ. මොවුන් හැමදාම කළේ මේ ජඩ දේශපාලනය.. පාස්කු දින ප්‍රහාරයෙන් වාසි ගත්තා... ආණ්ඩු, විපක්ෂ එකතු වෙලා පාතාලය නැති කරලා රටේ තරුණ, ළමා පරපුර බේරාගත යුතු වෙලාවක, මෙයා ඒකෙන් වාසි ගන්න හදනවා. තිරිසන් සතුන්ටත් අන්තයි.

:       1       2

Nishan Thursday, 23 October 2025 01:37 PM

පැලවත්තේ වැසිකිලි ශෝධක හමුදාව ඇවිස්සිලා බව පේනවා. දුමින්දට මෙහෙම කියන්න අයිතියක් තියෙන්නේ ඔහුගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කළා කියලා 87-89 කාලේ ජේවීපී එකෙන් මරන්න ගිහින් අනූ නවයෙන් බේරුණු කෙනෙක් නිසා. ලංකාවේ බහුතරයක් වූ ශිෂ්ඨ සම්පන්න ජනතාව ආණ්ඩුවේ මේ ක්‍රියා කලාපය අනුමත කරන්නේ නැති නිසා ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ කියන එක ස්ථීරවම කියනවා.

:       2       1

අරවින්ද මොණරවිල Thursday, 23 October 2025 02:27 PM

ඔයාගේ රන් ආලේපිත සෙල්ලම් තුවක්කු වෙඩි තියන්න එහෙම නොවෙයි වෙන්න ඇති. ඔබත් එක පාතාල මැරයෙක් බව අපි දන්නවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1278 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1229 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 446 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site