(සුනිල් ධර්මබන්දු ද සිල්වා)
වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි ඖෂධ 20 කින් ඖෂධ හල් 18කම පිළිගත් ඖෂධවේදීන් නොමැති බව සිදු කළ විමර්ශනයකදී අනාවරණය වූ බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පිහිටි ඖෂධ ශාලා වලින් ඖෂධ ලබා ගැනීමේදී නොයෙක් අක්‍රමිකතා සිදුවන බව දිගින් දිගටම ලැබුණු පැමිණිලි මත මෙම සෝදිසි මෙහෙයුම සිදුකෙරිණි.
මෙහිදී ඖෂධ ශාලා විස්සක් සෝදිසි කෙරුණු අතර ඉන් දෙකක පමණක් පිළිගත් ඖෂධවේදීන් සිටි බවත් ඉතිරි 18ම සේවයට යොදවා ඇත්තේ නුපුහුණු ඖෂධ සහායකයන් බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ඇතැම් ඖෂධ ශාලාවල පිළිගත් ඖෂධ වේදියකුගේ බල පත්‍රය ප්‍රදර්ශනය කර තිබුණත් අදාල ඖෂධ වේදියා ඵහි නොසිටි බව ද වාර්තා වෙයි.
ඖෂධ ශාලා අනිවාර්යයෙන්ම වායු සමීකරණය කළ යුතු වුවත් බොහෝ ඖෂධ ශාලාවල ඵම තත්ත්වය නොමැති බව සොයා ගෙන තිබේ.
ඵසේ ප්‍රමිතියකට නොමැති ඖෂධ ශාලා හිමියන්ට පළමු වරට අවවාද කිරීම් සිදු කළ අතර නියමිත සුදුසුකම් සහිත ඖෂධ වේදියකු නොමැති නම් ඒවා වසා දමන ලෙසටත්, ඵවැනි අවස්ථා වල ඖෂධ නිකුත් කිරීම නොකළ යුතු බවටත් තරයේ අවවාද කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිගම ඖෂධහල් 20කින් 18ක් නුසුදුසු තත්ත්වයේ
Hafeel Friday, 05 August 2022 01:25 PM
නීතිය නැති රටේ අධිකරණ ඇමැති, මුදල් නැති රටේ මුදල් ඇමැති, තෙල් නැති රටේ තෙල් ඇමැති සහ පොහොර නැති රටේ කෘෂිකර්ම ඇමති ඉන්න රටේ ඖෂධවේදියකු නැති ඖෂධහල් තියන එක පුදුමයක් නොවේ...
kamal Friday, 05 August 2022 03:01 PM
ඕකේ ඉන්න දොස්තරලාගේ සුදුසුකම් සොයා බලන්න. සැකයක් නැහැ.... ඔය ඔක්කොම පුද්ගලික වෛද්‍ය කඩවල්වලින් සහතික ගත්තු අයයි. අපේ රජයේ වෛද්‍ය විද්‍යාලෙන් සහතික ගත්තු අය නෙමෙයි...