
(නිමල් ජයරත්න)
මඩකලපුවේ සිටි පොළොන්නරුව දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියට අද සවස 4.00 ට පමණ වැලිකන්ද දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් ගත් ජීප් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් යුවළගෙන් රියැදුරු තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ වැලිකන්ද මොනරතැන්න පදිංචි දෙදරු පියෙකි. ඔහුගේ කැබ්රියෙන් පැන ජීවිතය බේරාගෙන ඇති බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන මොහොත වනවිට අනාරක්ෂිත දුම්රිය මාර්ග බාධකයේ මුරකරු නොසිටි බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
මෙම අනතුර පිළිබඳව වැලිකන්ද පොලිසි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුරකරුවෙකු සිටියත්, නොසිටියත් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී ඉතා පරිස්සමෙන් වාහනයක් ඒ හරහා දැමීම රියදුරුගේ වගකීමකි...
කැබ් එකක් නැත්නම් ජීප් එකක් කියලා තියෙන්නේ ලොරියකට කියලා තමයි පේන්නේ ඕනෑ නම් ඔය ඉදිරිපිට වීදුරුවේ අලවා තියෙන ආදායම් බලපත්‍රය කියවා බලන්න...!