
(නිමල් ජයරත්න)
නැගෙනහිර පළාතෙන් ආ කණ්ඩායමක් පොලොන්නරුව වැලිකන්ද මඩුමුනේ හින්දු දේවාල භූමියක් සහ රක්ෂිතය අල්ලා මහා පරිසර හානියක් කරන බව පරිසරවේදීහු සහ වැලිකන්දේ මහා සංඝරත්නය පෙන්වා දෙති.
ගවගාල් ඉදිකරමින් දිවා රෑ වඩමුනේ විලාල්ඔඩෛ අමුණ හරස් කර වැලි ගොඩ දමමින් පැල්පත් ඉදිකර සතුන් දඩයම් කිරීම මෙන්ම විශාල පරිසර හානියක් සිදු කරන බව ද පරිසර සංවිධාන පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගෙන් කළ විමසීමකදී දෙපිරිසම සමග සාකච්ඡා කර ඉතා ඉක්මණින් විසඳුමක්ලබා දෙන බවත් ගංගාවලට ට්‍රැක්ටර් බස්සවා සිදු කරන පරිසර විනාශය වහාම නතර කිරීමට තමා ආරක්ෂක අංශ දැන්වත් කිරීමට කටයුතු කරන බව කියා සිටියේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිසඳර තියන්න කළින්ම වැඩ අල්ලලා වගේ..
දිස්ත්‍රික් ලේකම් මහත්තයා මොනවා කියනවද මන්දා.. දෙපිරිසක් එක්ක මොකටද සාකච්ඡා කරන්නේ? නීතිය ක්‍රියාත්මක කරනවා විනා ... දෙපිරිසම කැමැති වුණොත් පරිසර විනාශයට ඉඩදීලා බලා ඉන්නවද?
නන්දසේනගේ තවත් කියත්මග වැඩපිළිවෙළක්...
ඔය ලංකාවේ නෙවෙයි.
දැන් රටේ පරිසර විනාශ ඇතුළු සියලු අපරාධ සිදුවෙද්දී රටේ වර්තමානයේ ජනාධිපති , ඔහු හිටපු ආරක්ෂක ලේකම්, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වත්මන් ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂා ඇමති රියල් අද්මිරාල් සරත් වීරසේකර, වස පොල්තෙල් රේගුවෙන් පිට වෙනකොටත් ඔතනත් රේගු අධ්‍යකෂක මේජර් ජෙනරාල් කෙනක්. හැබැයි බලයට එන්නට පෙර ගහපු පම්බෝරි නම්......