(නිමන්ති රණසිංහ)
වැලිකඩ ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වන විමර්ශනයේදී දුරකතන අංක 20ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද(16) නියෝගයක් නිකුත් කළාය.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් අතිරේඛ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(16) අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඉකුත් සිකුරාදා දිනයේදී මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාගේ සහ ඔහුගේ රියැදුරු දිලුම් තුසිත කුමාර යන අයගේ විදෙස් ගමන් තහනම් කරන නියෝගයක් ද අධිකරණය නිකුත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හැම ආණ්ඩුවක්ම පත් වූ විගස දැක්කේ මෙවැනි නාඩගම්ය. ගිය ආණ්ඩුව හොරු ඇල්ලීමට ගොස් ඔලුව බිම ඇනගත්තේය. මේ ආණ්ඩුව බැඳුම්කර හොරු අල්ලනබව පුන පුනා අපට කිව්වේය.
මේ රියදුරා එවකට පාවිච්චි කළ දුරකතනය පරික්ෂා කළා නම් ගොඩක් දේවල් එළිවෙයි.
අධිවේගී මෝටර් සයිකලය (1000 සිසි) ඉදිරියෙන් ගිය වාහනයේ හැපී ඇත. මේ ළමයට මෝටර් සයිකලය පාලනය කරගත නොහැකි වීමෙන් මේ අනතුර සිදුවී ඇත.