
(මනෝප්‍රිය ගුණසේකර)
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු පොලිස් පරීක්‍ෂකවරයකුට සහ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයාට එරෙහි නඩුවේ තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට එම නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එලෙස තීරණය කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩු විභාගයක් අවසන්වී දින 10ක් තුළ තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතු වුවත් මෙම නඩුවේ පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් සාක්කිකරුවන් බොහෝ දෙනෙකු සාක්කි දී ඇති හෙයින් එම සාක්කි විශ්ලේෂණය කිරීම ඇතුළු කරුණු යෙදී ඇති හෙයින් දින 10ක් තුළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ප්‍රායෝගික නොවන බව පෙන්වා දෙමින් තීන්දුව ලබන වසරේ ජනවාරී මස 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන ගිහාන් කුලතුංග (සභාපති) ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.
සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධිය ජුරී සභාවක් නොමැතිව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට නියම කරන ලෙස එවකට නීතීපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කෙරිණි.
2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේදී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතු`ථ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්‍ෂෙත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන්ය.
පැමිණිල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඇතු`ථ රජයේ නීතීඥවරු පිරිසක් පෙනී සිටියහ.
නියෝමාල් රංගජීව නමැති විත්තිකරු වෙනුවෙන් නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා ඇතු`ථ නීතීඥ මඩුල්ලක්ද එමිල් රංජන් ළමාහේවා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතු`ථ නීතීඥ මඩුල්ලක්ද පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් හිතාගන්න පුළුවන්. දැන්මම කියන්නද?
අධිකරණය මොන තීන්දුවක් දුන්නත් අධිකරණයටත් ඉහළින් සිටින වනචාරීන් අපරාධකරුවන්ව අනිවාර්යයෙන්ම රැකගන්නවා...