
(අංජුල මහික වීරරත්න)
රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැලිකඩ බන්ධනාගාර ඉඩමේ මුල් අයිතිකරුවන් රනිල් වික්‍රමසිංහ ඇතුළු පවුලේ උදවිය බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(27) අනාවරණය කළේය.
ඒ කාරණය ඔප්පු කිරීම සඳහා වන පත් ඉරු සටහන් තමා සතුව පවතින බව කී වජිර අබේවර්ධන මහතා අදාල කාරණය තහවුරු කෙරෙන ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කළේය.
වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.
"රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු අරගෙන ගියේ එතුමාගේ පරපුරට එනම් එතුමාගේ මිත්තණියට අයත් අක්කර 43ක් වූ වැලිකඩ භූමියටයි.මෙම භූමියේත් මුල් අයිතිකරුවන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඒ පවුලේ උදවියයි.ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්.
වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩමේ පත්තිරු සටහන් සියල්ල මගේ ළඟ තියෙනවා. එවැනි පරපුරක සාමාජිකයකුට මේ මුහුණදීමට සිදුවූයේ මහා ඛේදජනක හැසිරීමකට බව කිව යුතුයි" යනුවෙන්ද අබේවර්ධන මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ සහ උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනගත්ත එක හොඳයි, තව නඩු තියනවනේ. අපි එයාට ඉතිරි ජීවිත කාලේම එයාගේ ඉඩමේ ඉන්න හදලා දෙන්නම්
ඇයි, මෙහෙම ගොන් කතා කියන්නේ. එහෙම නම් ඉස්සර ගිහින් බලන්න තිබුණානේ තමන්ගේ ඉඩ කඩම්.
මගේ ආච්චි ටත් අයිතියි . ඉතින් මොකද
මිනිහා මුලු පරම්පරාවේම මූනේ දැලි ගෑවා!
ඉතිං අපි ඔක්කොම එකතුවෙලා රනිල්ව ජිවිතකාලයටම මුල් ඉඩමේ පදිංචි කරවමු. සතුටු වෙයල්ලා... ඉරිසියාව අත ඇරපල්ලා...
ජීවිතේ අවසාන කාලෙ තමන්ගෙම තැනක ගෙවන්න ලැබෙන්න පිං කරල තියෙන්න ඕන ආයිබොවන්ඩ.
අදාල නැත, මෙයාට නට් ලූස්ද?
එහෙමනම් ඉතින් ගෙදර වගේ ඇතිනේ
මදෑ, මුණුබුරා ගැරැවෙ ආච්චිට හාල්!
ඉතිං ඉඩමෙ අයිතිකාරය නම් සද්ද නැතුව ඉඩම බලාගෙන් වැලිකඩට වෙලා ඉන්න කියන්න. ඕන නම් පවුලෙ අයවත් එක්ක යන්න කියන්න.
ඕව කිව්වට වැඩක් නැහැ, ඒවට ගෙවපු හැටිත් හොයන්න ඕනද, අදාළ දේ කතා කරන්න. දරුව වැල් පාලමේ, ලෑලි ගැලවිල, දෙපයට යකඩ ගැට ගහල ඉදිරිය අමාරුයි කියපු මිනිහද දවස් එකහමාරට කෝටි එකහමාරක් ගිල්ලෙ,
මෙම COMMENTS දාපු නුවනක්කාරයන්ගෙන්ම පේනවනෙ ..ඥානවන්ත කමේ තරම..මේ තමයි අනාගතයෙ රට බාර ගන්න ඉන්න උගත් පරපුර...මගේ රටට දෙවියන්ගේම පිහිටයි..හරිම කනගාටුදායකයි..
පරම්පරාවට අයිති මුල් ඉඩම් නම් තවත් හොඳා ? .ඉදිරි කාලේ එහෙටම වෙලා ඉන්ඩ පුලුවන් නේ?
මට දැනගන්න ඕනේ ඔය ඉඩම එයාල පිනට දීපු එකක් ද කියල. අනික නඩුවකට බන්දනාගර ගත කරන එකයි, බන්දනගර ඉඩමේ අයිතියි අතර සම්බන්දෙ මොකද්ද? තමන්ගේ වෙලාව නාස්ති කරගෙන ඔය වගේ ගොන් කතා අහන්න යන්න ඕනෙද ?
මිනිහා කාලයක ඉදලා වැලිකඩ යන්න දැගලුවේ ඒක තමයි, මුල් උරුමය හොයාගන්න හිතාගෙන වෙන්න ඇති.
මේ මිනිහත් කාලෙක ඉඳන් වළිගේ පැගිලා වගේ. පන්සලක බෝධි ප්‍රකාරයක් විවෘර්ත කරන්න ගියත් බහුභූත කියවන්නේ. තැනට ගලපෙනවා වචනයක් කියාගන්න බැරි. මේ අද රට කොරන්න ඉල්ලන්නේ? ලංකාවටත් දෙවියන්ගෙ පිහිටයි!!!
දැන්වීමයි. තව හොරිකඩයෙක් අපේ සමාගම නමින් මෙහි අදහස් පලකරන අතර මෙවැනි වංචනිකයින්ට අසුනොවන ලෙස අපගේ ඩෝබි සමාගමේ ගණුදෙනුකාර භවතුන්ට කාරුණිකව දැනුම් දෙමු. මීට යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගමේ අධ්‍යක්ෂ දෙපල
මොලේ උඩ ඉන්න, දූෂිත දේසපාලුවන් කියන ගොන් කතා වලට අපිට නම් දෙකොනින්ම හිනා යනවා?
ජවිපෙ අය කරපු දේවල්, රටට දීපු දේවල් මොනවාද කියලා ඇහැව්වොත්,පෙන්වන්න වෙන්නේ මිනී මැරුම්, වර්ජන, රාජ්‍ය දේපල ගිනිතබපු හැටි වගේ වැඩ ටිකක් තමයි
මේවගෙ අයනේ පාර්ලිමේන්තුවේ හිටියේ. මිත්තනිය දන්නවා පොඩිකාලේම මෙයා කවදා හරි හිරේ යනවා. රටේ දුප්පත් මිනිසුන්ගේ මුදල් හොරාකාලා. ඒ නිසා මගේ අතින් වැලිකඩ හිරගේ හදන්න ඉඩම දෙනවා කියපු ලිපිය මගේ ලග තියෙනවා. ඒකේ මෙහමත් තියෙනවා. ඇසුරු කරන්නේ නූගත් රෑනක්... ඒ අයත් එක්ක එකතු වෙලා රට විනාශ මුකයට අරන් යනවා. ඔක්කෝම කවදා හරි මේ හිර ගෙදරට එනවා කියලා. ඉතින් ඒ ලිපිය හෙට කටුගෙට බාර දෙනවා මම...