
(හේමන්ත රණසූරිය සහ බී.ජී.චතුරංග)
වන අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වීමත් සමග පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්වයක් හේතුවෙන් එම ගැටුමට මැදි වූ පොලිස් සැරයන්වරයකු ගම්වාසීන්ගෙන් එල්ලවූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
එම කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂුවක ඇතුලු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බවත් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රඹකැපූවැව, තිත්තගෝනෑව ප්‍රදේශයේ පදිංචි බී.ගුණසිංහ නැමැති 48 හැවිරිදි ගොවි මහතකු වන තිදරු පියෙකි.
විරෝධතාකරුවන්ගේ පහර කෑමට ලක්ව අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂයට පත්ව වාරියපොල පදිංචිව සිටි පොලිස් සැරයන් ඒ.පී.සුනිල් (12601) නැමැති 54 හැවැරදි දෙදරු පියෙකි.
(ඡායාරූප: රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

මියගිය පොලිස් සැරයන් ඒ.පී.සුනිල් මහතා
0000000000000000000000000000000000000

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහෙක් මරණ එක කවුරු කළත් වැරදියි. නමුත් මේකෙන් පෙන්නුම් කරන්නේ පොලිස් කාරයෝ වැටිලා තියන තැන. මිනිස්සුන්ව සමාදාන කරලා ප්‍රශ්නෙ විසදන්නේ නැතුව ලොකුකුම පෙන්නන්න ගියාම නම් දැන් විඳවන්න තමා තියෙන්නේ.
ගම් වල වෙසෙන අහිංසක මිනිසුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තැබිය යුතුයි.
මිනිසුන්ට ඇතිවෙන ප්‍රශ්න නොසලකා නොවිසදා දිගුකලක් පවතින විට ජනතාව කෝපයට පත්වෙනවා මෙයට පැවති හා පවතින රජයන් සම්පූර්ණයෙන්ම වගකිවයුතුය දැන්වත් ජනතා ප්‍රශ්න සදහා විසදුම් දීමට ආරම්භ නොකොලොත් කුමකින් කුමක් වේදැයි කාට කිවහැකිද?
මියගිය ග්රමවැසියට සහ පොලිස් නිළදාරියාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. අලි ඉන්න වනාන්තර කපා, කපා අනවශ්‍ය ගුවන්තොටුපොළවල්, මාර්ග, ගම්මාන හදන විට වනාන්තරේ එලි කරමින් වගාවට කියමින් ගස් කපනකොට අලි ගම්වඳින එක පුදුමයක් නොවේ. වනජීවි දෙපාර්තමේන්තුවත් රජයේ අනෙක් දෙපාර්තමේන්තු මෙන් පරියට රාජකාරී කරන්නේ නැති බව පසුගිය දිනවල යාල කැලේ සිදුවුු දේවල් වලින් පෙනෙනවා. දැන් කළ යුත්ු එකම දෙය තිබෙන කැලෑ ටික ආරක්ෂා කර ඒවාට අලි වැටවල් ඉදිකරලා අලි ටික ඒවා ඇතුළට දමලා අලි වැට නිසි ලෙස නඩත්තු කරන එකයි.
සුජීව, තමුන් බූරුවෙක් වගේ කතා නොකළ යුතුයි. sharm හරි යැයි සිතමි. මහජනයා කෙලින්ම පොලීසියට ගොස් සුනිල්ව මැරුවා නොවේ. කලහකාරී තත්ත්වය දුරදිග ගිය නිසයි මේ දෙය සිද්ධ වුණේ. සියලුම දුප්පත් රටවැසියන් ඉන්නේ දරිද්‍රතාවයෙන් රතු කට්ට පැනලා. පොලිස් සැරයන් ජනයා සමග බුද්ධිමත්ව වැඩ කෙරුවනම් මෙසේ සිදුවෙන්නේ නැහැ. ජනතාව මඩගොහොරුවට තල්ලු කළ බැසිල්, මහින්ද තනිව මේ පාරේ ගමන් කළොත් වෙන්නේ ඔයිට වඩා බිහිසුණු දෙයක්. ඒ මැදට සුජීව පැන්නොත් තමන්ටත් ඒ ටිකම බව මතක තබා ගත යුතුයි. මනුෂ්‍ය ඝාතනය වැරදියි. නමුත් අසීමිත ජීවන පීඩනය ඉදිරියේ නීතිය පවා බිඳ වැටේ.
dil perera.......මේ රට නීතියක් නැති රටක් බවට පත් කලේ පාර්ලිමේන්තුවට එන කාලකන්නි මිනිසුන් පිරිසක් විසින් .මතක තබා ගන්න
අලියෙකු විසින් මිනිසෙකු ඝාතනය කිරීම පුද්ගලයින් දෙපිරිසක් අතර ගැටුමක් නොවන නිසා,පොලිස් නිලධාරියා පක්ෂග්රාහීව ක්‍රියාකලා වෙන්න බැහැනේ. එවන් අවස්තාවකදී, වින්දිතයින් ගේ පීඩාවට හා දුකට අනෙක් අය සංවේදී විය යුතුයි. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් ඒ අතරින් ප්‍රධානයි. මිනිසාට වඩා අලියාට වටිනාකමක් හා ගෞරවයක් තියන රටක, අලියෙකු විසින් තම දරුවෙකු, සහෝදරයෙක්, මව පියා හෝ ඥාතියෙක් මරුමුවට පත් කළා නම් ඒ වේදනාව දැනේවි. සමහරවිට මේ වින්දිතයින් කලින් පොලිසියට හෝ අදාළ බලධාරීන්ට මේ අලි ගැටලුව පිලිබදව පැමිණිලි කරලා තියෙන්න ඇති. ඒ සම්බන්ධයෙන් කිසියම් දෙබසක් ඇති උනා වෙන්නත් පුළුවන්. පොලිසිය පමණක් නොවෙයි මේ රටේ කිසිවෙකු තවකෙකුට සංවේදීව ඇහුන්කම් නොදීම තමයි ප්‍රධාන ගැටලුව. අර "Sharm warn" ලියා තියන ලෙසම පොලිස් නිලධාරියාගේ උද්දච්ජ හැසිරීම මේ ආරවුලට හේතු විය හැකියි. කොහොමත් ලංකාවේ මිනිස්සුන්ගේ ප්රකෝපකාරී මිලේච්ජ හැසිරීම් නම් අපට අනුමත කල නොහැකියි. නමුත්, පුජකයින්, දේශපාලකයින්, උගතුන්, නුගතුන්, තරුණයින් මේ කාගෙනුත් නිරුපනය වන්නේ ඔවුන්ගේ නොමනා සමාජ හැසිරීමයි.