IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැලි හාරන්න 82කට හොරෙන් බලපත්‍ර දීලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය  මාදුරුඔයෙහි වැලි කැණීම් කිරීම සඳහා  අසූ දෙදෙනකුට නීති විරෝධීව බලපත්‍ර දී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම  බලපත්‍රලාභීන් කැණීම් කොන්දේසි කඩ කරමින් මාසික ධාරිතාව කියුබ් 100 ඉක්මවන ආකාරයට  දින හතක් මුළුල්ලේ කැණීම් කළත් කාර්යාංශය ඒ සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක්  කර නොතිබූ බවද  වාර්තාවේ දැක්වේ.

මහවැලි අධිකාරිය කළමනාකරණය කරන ගංගා  සහ ගංගා ද්‍රෝණි වලින් ඛනිජ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය  අවසරදී තිබුණේ   ජී.එස්.එම්.බී තාක්ෂණ සේවා පුද්ගලික  සමාගමට පමණක් බවද වාර්තාව සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලය එම තීරණය ගෙන ඇතැයි පැවසෙන්නේ  පරිසර හානිය වැලැක්වීමේ පියවරක් ලෙසය.

 

 



අදහස් (4)

වැලි හාරන්න 82කට හොරෙන් බලපත්‍ර දීලා

ravin Wednesday, 16 August 2023 05:09 PM

කැබිනට් මණ්ඩලය හොරුන්ගෙන් පිරුණු ස්ථානයක්ද?

:       1       2

ගජමිතුරෝ Wednesday, 16 August 2023 05:56 PM

ඇත්තටම ඔය ආයතනය ජනතා මුදලින් නඩත්තු කරන්නෙ මොකටද කියලා අහන්න වෙනවා කෙනෙක් මහා පරිමාණ පතල්පොලක් නිසා ඇතිවිය හැකි අනතුරක් ගැන කිව්වම පතල් කැපීමේදී අනුන්ගේ ඉඩම් කියලා සීමාවක් නැහැ කියලා එකෙක් කිව්වලු පාරකට අනතුරක් වීම ගැටලුවක් නැහලු පාර රජයේලු එතකොට ඒ මොට්ටයාගෙන් අහන්න වෙනවා රජය කියන්න ජනතාව නොවෙයිද කියලා බලනකොට රජයේ කියලා තියෙන හැම එකකම ඉන්නෙ හොරු කියලා තමයි කියන්න වෙන්නෙ අතීතයට බලපාන ආකාරයට නීති සාදා වැරදි කරුවන්ට දඩුවම් දෙනවා කියන කෙනෙකුට ඊළඟ වතාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් මනාපයක් දෙන්න බලා සිටිමු මාලිමාවට ජයවේවා ලංකාවට ජයවේවා

:       0       1

pj Thursday, 17 August 2023 01:37 AM

හලෝ... බලපත්‍ර නිකුත් කරන්නෙ කැබිනට් එකෙන් නොවෙයි. දැන් වත් නිවැරදි විදිහට හිතන්න පුරුදු වෙන්න. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ හිටපු ප්‍රධානියා ඉවත් කළා නේද ? එහෙනම් ඊ ළග ප්‍රධානියාත් දුෂණයට හවුල් ද ? එහෙමත් නැත්නම් කළින් ප්‍රධානියා ඉවත් කළේ දුෂණවලට විරුද්ධ නිසාවත් ද?

:       0       0

don Thursday, 17 August 2023 07:04 AM

ඔයා හාරන්න අවසර දෙන තැන් වලට ඕකේ නිලධාරීන්ව අරින්නේ නැද්ද හාරලා ඉවර වෙනකම් අධීක්ෂණය කරන්න .හැබැයි ඉතින් එතනට ඇරියත් වැඩක් වෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site