හොලිවුඩ් නළු විල් ස්මිත්, විකට නළු ක්‍රිස් රොක් ට අතුල් පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් පොලිසිය විල් ස්මිත් අත් අඩංගුවට ගැනීමට සුදානම් වූ බව ඔස්කාර් නිෂ්පාදක විල් පැකර් පවසයි.
කෙසේ නමුත්, ක්‍රිස් රොක් විසින් විල් ස්මිත් ට එරෙහිව චෝදනා ගොනු කිරීමට අකමැති වූ බැවින්, එවැන්නක් සිදු නොවනු ඇතැයි ද නිෂ්පාදක විල් පැකර් සදහන් කර තිබේ.
94 වෙනි ඔස්කාර් සම්මාන උළලේදී හිස කෙස් ගැලවී යන රෝගයකින් පීඩා විඳින විල් ස්මිත් ගේ බිරිඳට නිවේදක ක්‍රිස් රොක් විසින් කොණ්ඩය උපුටා දක්වමින් අනවශ්‍ය විහිළු සිදු කිරීම හේතුවෙන් වේදිකාවට නැගි විල් ස්මිත් ක්‍රිස් රොක් හට අතුල් පහරක් එල්ල කළේය.
පොලිසියේ චෝදනා ගොනු කිරීමට ක්‍රිස් රොක් අකමැති වුවත් ඔස්කාර් සංවිධායක කමිටුව විසින් අප්‍රේල් 18 වෙනි දින විල් ස්මිත්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතව ඇත.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විල් ස්මිත් අත්අඩංගුවට ගන්න පොලිසිය සූදානමින්
beau Friday, 01 April 2022 03:11 PM
ඇයි ඒ..? තමන්ගේ බිරිඳ ආරක්ෂා කිරීම වරදක්ද?
kumara Friday, 01 April 2022 03:35 PM
පිටරට මිනිස්සු ගොඩක් බනින්නෙ විල් ස්මිත්ට, තමන්ගේ බිරිය අනියම් සම්බන්ධතා පවා පවත්වන බව ප්‍රසිද්ධියේම කථා කරා ඒ දෙන්නාම (විල් සහ බිරිය). නමුත් ක්‍රිස් රොක් කළේ පොඩි විහිලුවක්, ජී. අයි. ජේන් දෙවන කොටස එනකං බලාගෙන ඉන්නවා, තමුන් ඇයට බොහොම ආදරේ බව විතරයි කීවේ. විල් ස්මිත් ඒ විහිලුවට මුලින් හිනා වුනා. නමුත් එයාගෙ බිරිද රවල බලපු වෙලාවෙ තමා ගිහින් ක්‍රිස් රොක්ට කම්මුලට ගැහුවෙ. ක්‍රිස් රොක් නොවී රෙස්ලින් රොක් වුනා නම් අද විල් ස්මිත් ඉන්නෙ ඉස්පිරිතාලෙ. ඇග පත නැති නිසා වෙන්න ඇති ක්‍රිස් රොක්ට විල් ස්මිත් ගැහුවෙ. ඒක උනත් ක්‍රිස් රොක් බොහොම ඉවසිලිවන්තව වෘත්තීයමය විකට ශිල්පියෙක් විදියට දරා ගෙන අවස්ථානුකූලව හැසුරුනා. නමුත් විල් ස්මිත් අසභ්‍ය වචනයෙන් බැන වැදිලා ඉතා අසංවර හැසිරීමක් පෙන්වූවා. මේ දේ ලාංකීය අය දකින්නෙ විල් ස්මිත් මාර වීරයෙක් ගැහැණු කෙනා වෙනුවෙන් සටනට ගිය. මාධ්‍ය පවා වාර්තා කරන්නෙ වැරදිකරු නිවැරදිකරු මාරු කරලා. ඒ විහිලුව නොකළා නම් හොදයි. නමුත් ඒ වගෙ පොඩි දේකට ඔය තරම් අධිරංගනයක නිරත වීම අවශ්‍ය නෑ, මම නෙමෙයි කියන්නෙ, බහුතර විදේශික ප්‍රජාව. පොඩ්ඩක් යූටියුබ් එහෙම කමෙන්ටිස් බලන්න.