(කේ.ආර්. රාජමන්ත්‍රී)

සංවිධානාත්මක මත් ද්‍රව්‍ය ජාවාරම්කාර වෙලේ සුදාට අයත් යැයි සැක  හග්ගල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවාඩු නිකේතනයක් වැටලූ බව පොලිසිය කියයි

කැප්පෙටිපොල පොලිස් බල ප්‍රදේශයට අයත් හග්ගල පන්සල අසල මෙම නිවාඩු නිකේතනය පිහිටා තිබේ. වැඩ බලන පොලිස්පතිවරයාගෙන් සෘජුවම ලැබුනු උපදෙසක් මත මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් නිල සුනඛයන් හා යුද හමුදාවේද සහය ඇතිව මෙම ස්ථානය පරීක්ෂාවට ලක් කළ අතර මෙම දේපල රාජසන්තක කිරීමට අදාල පරීක්ෂණ කටයුතු මේ වන ආරම්භව තිබේ.

මෙම ස්ථානය වටලන අවස්තාවේදී එම ස්ථානය බලා ගැනීමට වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සිට ඇති අතර ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම් සිදු කර විස්තර සටහන් කර ගෙන ඇති අතර වැඩි දුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.