(මනෝප්‍රිය ගුණසේකර)
අධිකරණයට අසත්‍ය දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළ බව වැටලීම කළ පොලිස් නිලධාරියා පිළිගැනීම හේතූවෙන් හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ගේ සමීප සගයකු බව කියන පුද්ගයකු කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (18) නිදොස් කොට නිදහස් කළේය”
අත්අඩංගුවට ගත් හෙරොයින් කිරා බැලු ආකාරය පිළිබඳ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප්‍රශ්න වලදී තමා මහෙස්ත්‍රාත් අධිකරණයට අසත්‍ය දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළ බව වැටලීම කළ පොලිස් නිලධාරියා පිළිගැනීම නිසා විිත්ති වාචක නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය”
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි සඳහන් කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ගේ සමීීප සගයකු බව කියන ඉනෝම මිිදුලංග නමැත්තාය”
2011 ජනවාරීී 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී හෙරොයින් ග්රෑම් 4 .64ක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම යටතේ නීතීතිවරයා විසින් නඩු පවරා තිබිණී”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී යුක්තිය මෙහෙයුමෙන් අල්ලන සැකකරුවනුත් ගරු අධිකරණයෙන් නිදහස් වෙන්නේ මේ ආකාරයෙන්ද?
වෙලේ සුදා .යුක්තිය මෙහෙයුමේ පරමාර්ථය අරූට ස්ථිර පත්වීම ගන්න .ඊට පස්සේ පොඩි කුඩ්ඩෝ සුපුරුදු පරිදි එයාලාගේ වැඩ වල
මෙතන කීපදෙනෙකුට මුදල් දෙන්න ඇති පොලිස් කෙනාටත් සමඟ
කුඩු කාරයගෙන් ලොකු ගානක් ලැබෙන්න ඇති ෂුවර් එකටම