(මනෝප්‍රිය ගුණසේකර)
ගිනි අවි ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වෙලේ සුදාට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පැමිණීල්ලේ සාක්කිකරුවන් වශයෙන් නම් කොට සිටින බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සාක්ෂිකරුවන්ට එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස අද (23) නියම කළේය.
කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වැරදිකරුව මරණීය දණ්ඩනය නියමව බන්ධනාගාරයේ රඳවා සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇතති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
2006 අප්‍රේල් 24 දින හෝ ඊට ආසන්න දිනක බොරලැස්ගමුව ප්‍රදේශයේදී බලපත්‍රයක් නොමැතිව ටී 56 වර්ගයේ ගිනි අවියක් හා රිවෝල්වරයක් සන්තකයේ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා විසින් අධි චෝදනා දෙකක් යටතේ මෙම නඩුව පවරා ඇත.
තුවක්කු ආඥා පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බව විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රයේ සදහන් කොට ඇත.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේද ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩුව සම්බන්ධයෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා නඩුව එදින යළි කැඳවීමටද නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
101
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙලේ සුදාගේ නඩුවට දින දෙයි