(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ‘වෙලේ සුදා’, ‘සුසෙයි’ හා ‘ගෞතම්’ යන විශේෂ ගණයේ රැඳවියන් තිදෙනා යළිත් වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර එවා ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ නීති උපදෙස් මත අද(09) සිට දින 14ක කාලයක් සඳහා වැලිකඩ බන්ධනාගාරයට වෙත මාරු කර යැවූ බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඔහුට අධිකරණයේ විභාග වන නඩු ගණනක් ඇතැයිද පැවසේ.
මෙම විශේෂ ගණයේ රැඳවියන් තිදෙනා බූස්ස, ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙරය.
මේ වනවිට පොට්ට නව්ෆර්, කංජිපානි ඉම්රාන්, ඌරු ජුවා, මොහොමඩ් සියාම්, බේකරි ජානක ඇතුළු පාතාල නායකයෝ හා සාමාජිකයෝ 18ක් පමණ බූස්ස සිරකුටි 16ක රඳවා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ 18 දෙනාගේ නඩු ඉක්මන් කරලා මත්ද්‍රව්‍ය ලග තබාගැනීම, අලෙවි කිරීම, මිනී මැරීම, ස්ත්‍රී දූෂණ, මංකොල්ල කෑම, කප්පන් ගැනීම, ගිනි අවි හා ආයුධ ලග තබාගැනීම, සමාජය භීතියට පත්කිරීම ආදී මෙකී නොකී සියලු වැරදි මත නීත්‍යානුකූලව මරණ දඩුවම් දුන්නනම් ආයුධ පෙන්නන්න ගෙනියන්නෙත් නැතිව, සුදු වෑනුත් නැතිව මානව හිමිකම් ප්‍රශ්නත් නැතිව අපරාධ කරන්න පෙළඹෙන පිරිස අඩුකරගන්න පුලුවන් වෙයි.
මෙහෙ නිලධාරින් සමග සම්බන්ධතා ඇතිකරගෙන ෆෝන් පාවිච්චිකරනවා කියලා නේද බූස්සට ඇරියේ වැඩි ආරක්ෂාවට? එහෙදීත් ෆෝන් පාවිච්චි කරලාද? තව විදියකින් කිව්වොත් රටේ ආරක්ෂක හමුදාවන්ට වැඩිය පාතාලය ප්‍රබලයි, සමානයි කියන එකද? අනික සිරකුටි 16, රැඳවියන් 18? ඉක්මනින්ම සෙට් වෙන එක අහන්න දෙයක්ද?
හංගපු ආයුධ පෙන්වන්න එක්ක යන්නේ නැතුව අපි විඳින වදයක්...
මේ ගොල්ලන්ට හිර ගෙදරදී මොබයිල් ෆෝන් පාවිච්චි කරන්න උසාවියෙන් අවසර ලැබිලා තියෙනවද?