
(කාංචන කුමාර ආරියදාස සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය් අද මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (10) මෙම අනතුර සිදුවී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ පේදුරුතුඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිට නිවාඩු පැමිණ සිටි දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ ඇතැබැදිවැව පදිංචි චන්දිමා ගිම්හානි දිල්රුක්ෂි විසි පස් හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරියක බව ගලේවෙල පොලිසිය කියයි.
දඹුල්ල සිට ගලේවෙල දෙසට කාන්තා පොලිස් කොස්තාපල්වරිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි ඇත.
ගලේවෙල ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ටිපර් රථය ධාවනය වෙමින් තිබියදී තලකිරියාගම විහාරස්ථානය ආසන්නයේ දී වාහන 2ක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පරීක්ෂණ පවත්වන ගලේවෙල පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලි ප්‍රවාහනය සිදුවිය යුත්තේ දුම්රියෙනි. අනතුරු අඩුවෙයි, මිලත් අඩුවෙයි. ලංකාවේ කවදාවත් වෙන්නෙත් නෑ...!
බල්ලන්, බළලුන් මැරෙන ගානටත් වැඩියෙන් දැන් මේ රටේ මිනිස්සු අනතුරුවලින් මැරෙනවා. මොන කරුමයක්ද? කාටවත් වගක් නෑ... මේ නැතිවන ජීවිත ගැන. හැමෝම තමන්ට ඕනේ විදිහට පාරවල්වල යන බවක්... තමයි පේන්න තියෙන්නේ... මාර්ග නීති කැලේ...!
අනේ මන්දා, පොලිසියට බරපතලම නරක කාලයක් වගේ. පොලිස්පති කෙනෙක් හොයා ගන්නත් බැහැ.
ඉතාම කණගාටුයි