
(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ අධිබලති විදුලි කණුවකට පහර දුන් වල් අලියකු විදුලි සැරවැදී මිය ගොස් ඇතැයි වනජීවී නිළධාරීහු පවසති.
වල් අලියාගේ ප්‍රහාරය නිසා අධිබලති විදුලි කණු දෙකකට හානි සිදුව තිබුණි.
වෙඩි වැදුනු වල් අලින් මෙලෙස ප්‍රකෝපකාරීව හැසිරෙන බව පවසන වනජීවී නිළධාරීහු නිශ්චිත වශයෙන් එය හදුනාගත හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවද වනජීවී නිළධාරීහු වැඩි දුරටත් සදහන් කරනු ලැබීය.
මිය ගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01)දින සිදු කිරීමට නියමිතව තිබුණි.
හම්බන්තොට කටුවැව ප්‍රදේශය මීට වසර කිහිපයකට ඉහතදී වල් අලීන් ගේ නිජ භූමියක් ව පැවති අතර පසු ගිය වසර කිහිපය තුළ වල් අලින්ට එම භූමිය අහිමි වීමත් සමඟ වන අලි මිනිස් ගැටුම උග්‍රව පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුදායක දර්ශනයක්. මෙි අභාවයට යන්නේ අහිංසක පාරිලෙය්‍යක පරපුරේ අපේ ( ඡද්ධන්ත = දත් සයක් ඇති= සද්දන්ත) නාගවණිකයෙක්.
"වනයේ සතුන් හට අයිතිව තිබුණු බිම... මිනිසා උදුරගෙන කරනා වැඩෙන් එම... අසරණ සතුන් පැමිණේ නිජබිමට තම... සිහිවී පෙර දිනය කිපුණා සතා මෙම ... "