(නිමල් ජයරත්න)

දිඹුලාගල මගුල්දමන, නිවසකට 13 වෙනිද අලුයම වන අලියකු පහරදීමෙන් ,එම නිවසේ බිත්තියකට යටව තුවාල ලැබූ අවුරුදු අට සහ හතර වයසේ දුව සහ පුතා මෙන්ම අවුරුදු විසිහයක් වයසති මව තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව,මනම්පිටිය පොලිසිය කියයි.

ගඩොල් බිත්ති වල තිබු ගඩොල් වැදිම නිසා,මව, දියණිය සහ පුතුගේ හිසට මෙන්ම ශරීරයට සාමාන්‍ය වශයෙන් තුවාල සිදුවී ඇති බවත්, ඔවුන් දැනට සාමාන්‍ය තත්ත්වය පසුවන බවද මනම්පිටිය ප්‍රාදේශීය රෝහල ස්ථාන භාර නිලධාරී දීපාල් අසංක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය

එම වන අලියා මඟුල්දමන ගම්මානයේ තවත් නිවාසකට හානි සිදුකර ඇති බව වෙහෙරගල වනජීවී නිලධාරීන් අප කළ විමසීමකදී සඳහන් කළහ.

ගම් වැදුන වන අලියා පලවා හැරීමට ගම්මුන් විශාල ප්‍රයත්නයක් දරා ඇති අතර නිවැසියන්ගේ ජීවිත ගම්මුන් බේරාගෙන ඇත්තේ අනුනවයෙනි.