IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වල් අලි රංචුවක් මහ දවල් මහවිලච්චියට පනිති

(බී.ජී. චතුරංග)

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිඹුල් වැව, ආනන්ද විද්‍යාල භූමිය ආසන්නයට වල් අලි 50ක ගෙන් සමන්විත රංචුවක් කඩා වැදීම හේතුවෙන් එහි අවට ගම්මාන 6ක වැසියන් දැඩි භීතියට මෙන්ම නොසන්සුන් තාවයට පත් වූහ.

රාත්‍රී කාලයේ වන අලි රංචු පිටින් ගම් වැදීම සුලබ දර්ශනයක් වුව ද, දහවල් කාලයේ මෙලෙස වල් අලින් ගම් වැදීමට පටන් ගැනීම හේතුවෙන්, තම දරුවන්ගේ ආරක්ෂාව සදහා මව්පියන් පාසල අසලටද රැස්ව සිටියහ.

තන්තිරිමලය පොලිස් වසමේ කිඹුල් වැව, තුප්පිටියාව, ගොඩගහවැව, දංගස්වැව, ගොඩගහවැව සහ පහළ තල්ගස්වැව ප්‍රදේශයේ ජනතාව මෙලෙස නොසන්සුන්තාවයට සහ දැඩි භීතියට පත්ව සිටියහ.

වල් අලි රංචුව භව භෝග විනාශ කරමින් ගම් වැදුණු බවත්, එලෙස ගම් වදින වන අලි, මීට පෙර දහවල් කාලයේ දක්නට නොලැබුණු බවත්, දිගින් දිගටම දහවල් කාලයේත් මෙවැනි තත්ත්වයට මුහුණ දීමට සිදු වුව හොත් කුලී වැඩක් කර ගැනීමට පවා නොහැකිව දරුවන් සමග නිරාහාරව නිවාස තුලම ජීවිතක්ෂයට පත්විය හැකි බව එම ගම්වාසීහු පැවසූහ.

 

 



අදහස් (0)

වල් අලි රංචුවක් මහ දවල් මහවිලච්චියට පනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site