(ගයාන් අමරසේකර,ලක්ෂ්මි කුඩලිගම සහ ඩී.ජී.සුගතපාල)
දිවයින පුරා ඇද හැළුණු තද වර්ෂාවන නිසා කොළඹ අවට සහ ගාල්ල,කළුතර ඇතුළු අවට ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී බව ඒ ඒ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගාල්ලට ඇද හැලුණ ධාරාණිපාත වරෂාවත් සමග රත්ගම පන්විල ප්‍රදේශයේ නිවසක් මතට ගල් බැම්මක් කඩා වැටිම නිසා එම අනතුරින් නිවසේ සිටි කාන්තවක් තුවාල ලබා රත්ගම රෝහලට ඇතුලත් කළ බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ සිටි තුවාල ලැබු කාන්තාවගේ දියණිය බැණා සහ ඔවුන්ගේ කුඩා දරුවා බේරි ඇති අතර නිවසට දැඩි හානි සිදුව ඇත.
අද දවස පුරාම ඇද හැලුණ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල බද්දේගම මාර්ගය දංගෙදර ප්‍රදේශයේ මාර්ගය සහ නිවාස රැසක්ද මාළඹේ පිට්ටුගල තුන් අඳහේන ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටවීම ජලයෙන් යටවි ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වර්ෂාවෙන් තැන තැන ගලයි
චන්දන Sunday, 23 October 2022 06:54 AM
වර්ෂාව ගාල්ල ට දැඩි තර්ජනයක් . සුලු වර්ෂාවකට පවා ගාල්ලේ මාර්ග යට වෙනව. කරාපිටිය රෝහලට යන මාර්ග සියල්ල අවහිර වෙනව. වහාම ඒකට පිළිවෙළක් යොදන්න . ගාල්ල බද්දේගම පාර විශේෂ යි.