(ගයාන් අමරසේකර,ලක්ෂ්මි කුඩලිගම සහ ඩී.ජී.සුගතපාල)

දිවයින පුරා ඇද හැළුණු තද වර්ෂාවන නිසා කොළඹ අවට සහ ගාල්ල,කළුතර ඇතුළු අවට ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී බව ඒ ඒ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගාල්ලට ඇද හැලුණ ධාරාණිපාත වරෂාවත් සමග රත්ගම පන්විල ප්‍රදේශයේ නිවසක් මතට  ගල් බැම්මක් කඩා වැටිම නිසා එම අනතුරින් නිවසේ සිටි කාන්තවක් තුවාල ලබා රත්ගම රෝහලට ඇතුලත් කළ බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ සිටි තුවාල ලැබු කාන්තාවගේ දියණිය බැණා සහ ඔවුන්ගේ කුඩා දරුවා බේරි ඇති අතර නිවසට දැඩි හානි සිදුව ඇත.

අද දවස පුරාම ඇද හැලුණ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල බද්දේගම මාර්ගය  දංගෙදර ප්‍රදේශයේ මාර්ගය සහ නිවාස රැසක්ද මාළඹේ පිට්ටුගල තුන් අඳහේන ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටවීම ජලයෙන් යටවි ඇත.