
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වාරියපොල වල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 06ක දරුවෙකු සහ එම දරුවාගේ මව ඔවුන්ගේ නිවස අසල ලිදකට වැටීමෙන් මියගොස් ඇති බව වාරියපොල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්.එම්. කෝවිද සාරමිත් (06) සහ ඊ.එම්. ලක්මාලි වීරසිංහ (37) නැමැති දෙදෙනෙකි.
අසල්වාසීන් පවසන්නේ මෙම දෙදෙනා ඊයේ (22) දහවල් 2.00 ට පමණ ස්නානය කිරීම සදහා ඔවුන්ගේ නිවසට මද දුරකින් ඇති වගා ලිදක් වෙත ගොස් ඇති බවයි. යම් හේතුවකින් ළිදට වැටුනු දරුවා බේරාගැනීමට මවත් ළිදට පනින්නට ඇතැයි පොලිසිය සැකකරයි.
දරුවාගේ පියා නාවික හමුදාවේ සේවය කරන අයෙකු වන අතර ඔහු දුර පළාතක සිටින බැවින් නිවසේ කල් ගෙවන්නේ මව සහ දරුවා පමණක් බවත් ඥාතීහු කියති. ඒ හේතුවෙන් ස්නානය සදහා ගිය මෙම දෙදෙනා පිළිබදව සොයා බැලීමට කිසිවෙකුත් නොමැති වූ බවද ප්‍රදේශවාසීහු පවසති
මොවුන් දෙදෙනා නිවසේ නොමැති බව අසල්වාසීහු දැනගන්නා විට පස්වරු 6.00 ත් පසුවී තිබිණ. අනතුරුව මෙම ළිද අසල සෝදිසි කිරීමේ දී දරුවාගේ සහ මවගේ පාවහන් සහ ඇදුම් සොයාගෙන ඇත. පසුව පොලිසිය ද දැනුවත් කර ප්‍රදේශවාසීන් විසින් ළිද තුල සෝදිසි කිරීමේදී සිරුරු හමුවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාරියපොල මවක් සහ දරුවෙක් ළිඳකට වැටී මරුට
pakeer Monday, 23 October 2023 01:25 PM
හරිම දුක සිද්ධියක් .මිනිස්සුන්ට හරිම නරක කාලයක්