(නිමන්ති රණසිංහ)
වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පැවරී ඇති කාර්‍යයන් කිහිපයක් එම රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාට පවරනු ලැබ ඇත.
මෙම පැවරීම කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.
මේ අනුව පලාලි ගුවන්තොටුපොළ, රත්මලාන ගුවන්තොටුපොළ, සංවර්ධනය සඳහා හඳුනාගත් ඕනෑම ගුවන් තොටුපොළවල්, කන්කසන්තුරේ වරාය සහ ඔලුවිල් වරාය වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය වරයාගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙනු ඇත.
මෙයට අමතරව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වරාය හා ගුවන් සේවා අමාත්‍ය වරයාට සහාය වීමද රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙන ගැනීමට වඩා මිනීමැරුම උගත් වැදගත් කමක් ලෙස පිළිගන්න රටක මීට වඩා බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. දරුවනේ උඹලගේ රටට දෙයියන්ගේම පිහිටයි!!
ජපන්නු කිව්වද පගාව ඉල්ලන්නේ නැති කෙනෙක් ඕනෑ කියලා ගුවන් තොටුපළේ සංවර්ධන වැඩ පටන් ගන්න නම්...?
මිනීමරුවන්ට උපරිමයෙන්ම සලකන රටක්...
ගූගල් එකේ ගහලා බලන්න මෙයාගැන... කිසිම උගත්කමක් නැහැ. මේ අයව දාගෙනද රනිල් ඔය කරන්නේ...?