(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද එම උත්සවයට සහභාගී වෙන බව කී අමුණුගම මහතා වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බව සඳහන් කළේය.
එහිදී කොළඹ වරාය නගරයේ නම colombo financial city (කොළඹ මූල්‍ය නගරය)යනුවෙන් වෙනස් කිරීමට ඉඩ තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් දිලුම් අමුණුගම මහතා මේ බව කීය.
නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති බවත් ආයෝජකයන්ට වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්
නගරය කෘත්‍රිම බුද්ධිය ඉහළින්ම පවතින කාර්මික මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. ඉන්දියාව එක්සත් ජනපදයට සහ චීනයට පසු ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වනු ඇතැයි ඉතා නුදුරු අනාගතයේ දී අපේක්ෂා කරන බැවින්, සියලුම ඉන්දියානු ප්‍රාන්තවලට මෙම AI මධ්‍යස්ථානය සියලු ආර්ථික ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ හැකිය.
කොහොමත් ඉතින් "කොළඹ වරාය නගරය" කියල නම දැම්මේ මේ රටේ මෝඩයින්ව චූන් කරන්න දාපු නමනේ... ඔය නම වෙනස් උනාට පස්සේ අපේ රටේ ගොබ්බයින්ට ඔතනට ගිහින් බඩ පිනුම් ගහන්න ලැබෙන එකක් නම් නැහැ. "මුල්‍ය නගරයට" (චී ලංකා රට) යද්දී, ඩොලර් කොළ ටිකක්, යූරෝ, එහෙම නැත්නම්, යුවාන් හෝ ඉන්දියන් රුපියල් ටිකක් සාක්කුවේ දාගෙන ගියොත් නම් අඩුතරමේ වතුර බෝතලයක් හෝ මිලට ගන්න පුළුවන් වෙයි...කාටද ආඩම්බර...? ඔය කල ආයෝජනය මේ රට ඇතුලත සිද්ධ උනා නම්, අපේ අයියලාට අඩුතරමේ අතේ තියන රුපියල් ටිකක් දීල ආප්පයක් කාල ප්ලේන්ටියක් වත් බීලා ගෙදර එන්න තිබුනා...?
මේකට ගැලපෙන්නේ , NEW CITY COLOMBO
හදුන්ව දෙන්න යන්නෙ රෙගුලාසි සම්මත කරන්නෙ නැතුවද. හරියට කෙල්ලගෙ මුන පෙන්නන්නෙ නැතුව මනමාලයො හොයනව වගේ නෙ. රෙගුලාසි නොදැන ආයෝජනේට එන්නෙ මොන ගොනාද?
කොළඹ වෙළෙඳ නගරය බංකොළොත් වෙලා...
කවුරු මොනවා කිව්වත්, බය හිතෙනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, නෙළුම් කුළුණ... ඊළඟට හදන්නේ වරාය නගරය...