(ඩයනා උදයංගනී)
වරාය නගරයට විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා වසර 40ක කාලයකට බදු සහන ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලෝකයේ තරඟකාරී රටවල් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට වඩා ආකර්ෂණීය සහන, වරදාන, වරප්‍රසාද ලබා දී ඇතැයි කී ඇමතිවරයා ලෝක ආර්ථික අවපාතය සමඟ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම අසීරු ඉලක්කයක් වී ඇතැයි ද සඳහන් කළේය.
විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා එම රටවලට වඩා සහන ලබාදීම රජයේ අරමුණ බව ද ගුණවර්ධන මහතා කීවේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඕමානය වැනි රටවල් විවිධ කර්මාන්ත ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා විශාල බදුසහන යටතේ තම වරාය ආශ්‍රිත භූමි සම්පූර්ණයෙන්ම එක් එක් රටවලට වෙන් කර දෙන බව ද ඇමතිවරයා පැවසීය.
මෙරට ව්‍යාපාරිකයන් රැසක් ද මෙවැනි බදු සහන හේතුවෙන් තම කර්මාන්ත හා ව්‍යාපාර බංග්ලාදේශය, ඉතියෝපියාව, කෙන්යාව වැනි රටවලට ගෙනියමින් සිටින බව ඇමතිවරයා කීවේය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය. ලංකා ඉතිහාසයේ ලැබී ඇති විශාලතම ඍජු විදේශ ආයෝජනය වරාය නගර ව්‍යාපෘතිය බව ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වරාය නගරයේ ආයෝජකයන්ට බදු සහන
Nuwan Tuesday, 07 June 2022 03:01 PM
හපෝ 40කියන්නෙ පොඩි ගානක් . දෙන්නකො 100ක් විතර
Hafeel Wednesday, 08 June 2022 10:41 AM
මේ වැඩේ අද අගමැති රනිල් ඔහුගේ පක්ෂයේ ආණ්ඩුව හරහා කරනවා නම්, අද ඔයා මෙහෙම නොවේ කියන්නේ. ඔයා කියාවි ඔන්න රනිල් රට පාවා දුන්නා, රටේ ආයෝජිකයින්ට නැති සහනය විදේශ ආයෝජිකයින්ට දෙනවා කියලානේ. මෙරට ව්‍යාපාරිකයින් පිටරටවල ආයෝජනය කරනවා නම්, ඇයි මෙච්චර කල් මෙරට ව්‍යාපාරිකයින්ට එම බදු සහනය නොදුන්නේ? මෙහෙම විදේශිකයින්ට බදු සහනය දෙනවා නම්, කොහොමද රටට ආදායම් එන්නේ...?