
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වරාය නගරය ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුවහොත් මේ රට ගොඩ යන එක ස්ථිර යයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
නමුත් එය හරියට ක්‍රියාත්මක නොවුවහොත් රට ලොකු ව්‍යසනයකට පත් වන බවද ඔහු කීය.
ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය .
කොළඹ වරාය නගර ව්‍යාපෘතියට තමා විරුද්ධ නැති බවත් නමුත් මේ රටේ සම්පත් චීනයට විකිණීමට තමා විරුද්ධ බවත් ඔහු ප්‍රකාශ කළේය.
රටේ කොටසක් පරදේශක්කාරයන්ට ලබාදීම තමා හෙළා දකින බව පැවසූ සරත් ෆොන්සේකා මහතා එය වහා නතර කළ යුතු බවද කියා සිටියේය.
කොරෝනා පරාජය කිරීමට යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා සේනාංක අද ලොකු කාර්යභාරයක් කරන බවත් මේ කටයුතු වෛද්‍ය ක්ෂේත්‍රයට තනිවම කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
නිරෝධායන කටයුතු සංවිධානය කරන හමුදාවට මඩ ගැසීමට තමා විරුද්ධ යැයි කී ෆොන්සේකා මහතා හමුදාවට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතු බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට නොකර වංගුවෙන් යන්න හදන එක තමයි රටටම තියෙන ප්‍රශ්නේ..
කෙලින් නිර්භයව කථාකරන රටේ ජනතාවට ණය නැති මේ අභීත මිනිසාට අපගේ ප්‍රණාමය....!!!
කරපු ව්‍යාපෘති වලින් ගොඩ ගිය එකක් කියන්න බලන්න... ගොඩයාවි ටික දෙනෙක් .. සුනාමියෙන් වගේ..
සරත් ෆොන්සේකා මොකාටද එන්න හදන්නේ?
දැන් ඔන්න ඔබතුමාටත් මඩ ගහයි ජේවීපී කාරයෝ....
ප්‍රවෘත්ති විකෘති කරන්න ඕනේ නැහැ. මිනිස්සුන්ට දැන් විඩියෝ බලන්න පුළුවන් සජීවීව..
ගරු මන්ත්‍රීතුමනි, ඔබ අම්බලන්ගොඩ උපන් කෙනෙක්... මේ පැත්තේ දේශපාලකයින් අපේ ගම හප කරලා ඉවරයි. අපේ තානායම ඇතුලු දේපල ගොඩාක් විනාශ කරලයි තියෙන්නේ. නරකද තමන්ගේ උපන් ගමට ඇවිත් ගම ටිකක් දියුණු කළොත්? අපිට පක්ෂ, පාට බේද වැඩක් නැහැ. මම මේක වරක් අපේ මහින්ද දේශප්‍රිය මහතාටත් යෝජනා කළා...
ඇවසි දේ නියම තැනට ගෙනැල්ලා....
නියම නියම තැනදී නියම දේ කරනවා...
බොහොම පැහැදිලි, නිරවුල්, සමබර අදහස් ප්‍රකාශයක්...
මෙතෙක් කල් දේශපාලකයින් හොරකම් කරේ නැතිනම් අපේ රට මෙලහකටත් ගොඩ...
රාජපක්ෂවරු කවදාවත් හරි දේවල් කලේ නෑ
අම්මෝ ඇත්ත ? එකට කමක් නැ ඔයා පැත්තකට වෙලා ඉන්න
හරියට කළොත් ගොඩ කියන එකට එකඟයි. මෙහි සේවයට යොදවන සහ පරිපාලනය, කළමනාකාරිත්වය දරන සියලු දෙනාව රටට අගතියක් නොකරන බවටත්, තම කටයුතු වගකීමෙන් ඉටු කරන බවටත්, යම් අගතියක් වුවහොත් එහි වගකීම දරන බවටත්, ගිවිසුමක් ගත යුතුයැයි සිතනවා. විශේෂයෙන් දේශපාලන ඕනෑ එපාකම් ඉටු නොකරන බවත් ඇතුලත් බල සහිත නෛතික ලියවිල්ලක් විය යුතුයි.
බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ පවුල් පිටින් මහාපරිමාණයේ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය නොකළා නම් රට ගොඩේ ගොඩ. දැනටමත් නූපන් දරුවන් පවා ලෝකෙට ණය කාරයෝ කරලා හමාරයි...
කවුරුහරි කියවලා බලන්නකෝ චීන ණය උගුලට අසුවෙලා ඉන් ගොඩ එන්න බැරුව ඉන්න බංගලාදේශය, පාකිස්ථානය, සැම්බියාව, ඉතියෝපියාව, සුඩානය, නැමීබියාව, රුවන්ඩාව, සිම්බාබ්වේ වගේ තුන්වෙනි ලෝකයේ යැයි කියන බොහෝ රටවල් අද මුහුණ පා ඇති ඉරණම ගැන. අපේ රට ගැන කියලා වැඩක් නැහැ. ඕකයි තිත්ත වුණත් ඇත්ත කතාව.