IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්

(අංජුල මහික වීරරත්න)

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය  සහ සිවිල්  ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. 

2022 ජනවාරි මස  ඇරඹුණු මෙහි ඉදිකිරීම් 2026 නොවැම්බර් 15 දක්වා දිග්ගැසී ඇති බවට නිරීක්ෂණය කිරීමෙන් පසු අමාත්‍යවරයා ඉහත උපදේශය ලබා දී තිබේ.

මෙම පර්යන්තයේ ඉදිකිරීම් හා උපකරණ ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 750 ක මුදලින් 20% කට ආසන්න බදු කපා හැරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 

අදාළ පර්යන්තය සඳහා STS දොඹකර ( Ship To Shoe Crain ) 12 ක් සහ ස්වයංක්‍රීය පර්යන්ත දොඹකර 40 ක් ඇණවුම් කර ඇතැයි ද එයින් STS දොඹකර 6 ක් සහ පර්යන්ත දොඹකර 20 ක් මේ වන විටත් ලැබී ඇතැයිද අමාත්‍යංශ පවසයි.

මීට අමතරව පර්යන්තය සහ ජැටිය අතර බහාලුම් මෙහෙයවීම සඳහා Straddle Carriers 30 ක් ගෙන්වීමට ප්‍රසම්පාදන කටයුතු ද ඉතා කඩිනමින් අවසන් කරන්නැයි  අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. 

ගෙන්වීමට යෝජිතව තිබු ඩීසල් වලින් ක්‍රියාත්මක වන Straddle Carriers වෙනුවට නවීන තාක්ෂණය සහිත පරිසර හිතකාමී හයිබ්‍රිඩ් වර්ගයේ Straddle Carriers  ලබා ගැනීම සඳහා සුදුසු තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් නිර්දේශ ලබාගෙන ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා  උපදෙස් ලබා දී ඇත.



අදහස් (0)

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site