
(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න)
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමු වී ඇත.
සමස්ත ව්‍යාපෘතිය දින 548 කින් ප්‍රමාදවීම හේතුවෙන් කොන්ත්‍රාත්කරු රු. කෝටි හාරසිය විසි තුනක වන්දි ඉල්ලා ඇති බව අනාවරණය විය
වරාය අධිකාරියට අයත් සියලු ඉඩම් භාරගැනීම සහ බැහැරකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමුවිය කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ
මේ පිළිබඳ තොරතුරු හෙළි වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් 13 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දැනට යන බොහෝමයක් project වල delay claims තියෙනවා... සමහරක් ඒවා ගොඩක් දරුණුයි. සමහරක් project වල escalation ගන්න විදියත්, contracturally අපි ගෙවන්න ඕනේ ක්‍රමයත් වෙනස්. ලම්සම් project වලට BOQ items වලට ගෙවන කේසුත් ආරංචි වෙලා තියෙනවා. අපිට contractually challenge කරන්න පුළුවන් කම තියෙද්දීත් කරන්න බයයි කියලා ආරංචි. ආණ්ඩුවට, නොමිලේ උදවු කරන්න... middle east වල ඉන්න cost consultants ලාගේ ආධාරය ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ගොඩක් ඒවාට ඒ ඒ රටවල ආණ්ඩු වලින් මුත් අත මිරිකලා ඉල්ලනවා කියලත් ආරංචි. මොනා වුණත් win -win විදියට වැඩේ කරගන්න ලංකාවේ හැම project එකක් ම කවර් expert ලා ටීම් ටිකක් දාගන්න...
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සකච්ඡා පිළිබදව අද්යයනය/ විශ්ලේෂණය කිරීමේදී සැලසුම් සහගතව ප්‍රමාදයක් මත සිදුවූ (කොන්ත්‍රාත් කරුට ගෙවීමට සිදුවන කෝටි 423 මුදල) ගනුදෙනුවක් වන්නට හැකියාව පිළිබදව සැකයක් මතුවේ. ඒ පිළිබදව සොයාබැලිය යුතුවේ. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නිසි ආකාරයට සැලසුම් සලස් කලේ නම් මෙවැනි ප්‍රමාදවීම් සිදුවන්නේ නැත. චීනයෙන් ගෙන්වන ලද හෝ ගෙන්වීමට නියමිත යන්ත්‍රෝපකරණ නිෂ්පාදිත රට යුරෝපිය රටක් බවට වරායෙන් පැමිණි නිලධරීන් සදහන් කළද එම සාකච්ඡාවලදී නිෂ්පාදිත රට කුමක්ද යන්නත් ඔවුන් නොදැන සිටියේය සහ යුරෝපයේ රටකින් අතරමැදියකු වසයෙන් චීනය මිලදී ගෙන ඇති බව දැනසිටියේ නම් යුරෝපිය රටෙන් ඍජුව මිලදී ගැනීම සිදු නොවීමට හේතුවද සොයාබැලිය යුතුවේ.
අර කට උල් කරලා කිව්ව කලුගල් ප්‍රමාණය හොයාගන්න බැරිවුණානේ. ඒකයි ප්‍රමාද වුණේ. අම්මපා...
පමාවට හේතු සොයලා එම හේතු ඇතිකළ අයගෙන් අයකරන්න