
(ඉන්දිකා රාමනායක )
වීරඹුගෙදර පොලිස් ස්ථානයේ තිබූ රිවෝල්වර පිස්තෝලයක් සහ එම උණ්ඩ 05 ක් අස්ථානගත වී ඇතැයි කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එහි උප සේවයේ රාජකාරි නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමකට ලක් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය වු දින රාත්‍රියේ ඉහත පොලිස් කොස්තාපල්වරයා විසින් උපසේවා රාජකාරියේ යෙදී සිට ඇත.
එදින උපසේවය භාරයේ තිබූ මෙම පිස්තෝලය අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර ඊයේ (28) ඉහත කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සුළු සිදුවීම් නොවෙයි, වහාම වරදකරුවන් අල්ලා දඬුවම් කරන්න. දරුණු අපරාධයකට අර අඳිනවා වෙන්න පුළුවන්....!