IMG-LOGO

වාරිමාර්ග - බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ගැන ඉරානය සමඟ සාකච්ඡා

(යොහාන් භාසුර)

වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉරාන රාජ්‍යයේ සංචාරයක් අතරතුර එරට වාරිමාර්ග, ජලාශ හා බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මහතා සමඟ ක්ෂේත්‍ර රැසක් පිළිබඳව සාකච්ඡා කළේය. 

දෙරට අතර වාරිමාර්ග, ජලාශ, බලශක්ති අංශයේ සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබදව මෙන්ම විශේෂයෙන් දෙරට අතර වාරිමාර්ග, ජලාශ, බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සදහා ඉරානය ආර්ථික සහයෝගීතාව සදහා වූ ඒකාබද්ධ කොමිසමහි වැදගත්කම මෙහිදී පැහැදිළි කළේය.

මෙගාවෝට් 120 ක් විදුලි උත්පාදනයක් කරන උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරීම පිළිබදව ඉරානයේ ෆැරබ් සමාගමේ නියෝජිතයින් හට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ස්තූතිය පුද කළේය.

උතුරු මැද පළාතේ ජනතාව අතර බහුලව ව්‍යාප්ත වී ඇති වකුගඩු ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුව පිළිබදව කරුණු ඉදිරිපත් කළ රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුව, අනුරාධපුරය  දිස්ත්‍රික්කයන්හි කුඩා පරිමාණයේ පිරිසිදු පානීය ජල ව්‍යාපෘති ඉදිකිරීමට සහයෝගය දක්වන ලෙස කළ ඉල්ලීම සදහා ද එරට නියෝජිතයින්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණි.

වෙළද, සංචාරක,වාරිමාර්ග,ජලාශ, බලශක්ති ක්ෂේත්‍රවල පවත්නා සබඳතා වැඩි දියුණු කර ගැනීමට ඇති හැකියාව පිළිබදව එරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් සමග කළ සාකච්ඡා  ශ්‍රී ලංකාවට සුභදායී ලෙස ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් විය.



අදහස් (0)

වාරිමාර්ග - බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ගැන ඉරානය සමඟ සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site