
(අංජුල මහික වීරරත්න)
එකට එක්ව එදා සෘජු අධිරාජ්‍යවාදය පරාජය කළා සේ අද රටට බලපෑම් කරන වක්‍ර අධිරාජ්‍යවාදයත් පරාජය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ඉපැරණි රජ සමයේ රටේ ආරක්ෂාව සෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රජවරුන් ඇමතිවරුන් සුවිශේෂ සේවාවක් ඉටු කළ බව කී විපක්ෂ නායකවරයා අද ලෝකයේ ඇති ගෝලීය භූ දේශපාලන ගැටලු නිසා ඉන්දීය සාගරය සාම කලාපයක් වෙනවා වෙනුවට යුද්ධයේ අවදානමට ලක්ව ඇති බව සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සිතුල්පව්ව මගුල් මහා විහාරයේ ආලෝක පූජාව හා එක්වෙමිනි. භූ දේශපාලනයේ සිදුවන තරගකාරී තත්ත්වය තුළ රට බරපතල අවදානමට ලක්ව ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd