(පැතුම් දර්ශන)
ස්ත්‍රී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයක් සමථයකට පත් කිරීමට සහ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකර සිටීමට පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ලබාගත් බවට සැකපිට මැදවච්චිය පොලීසියේ සැරයන්වරයෙක් අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අද (31) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුගෙ නිවසට පැමිණ මුදල් ලබා ගැනීමට යාමේදී අදාළ සැරයන්වරයා අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකරුට එරෙහිව පවතින ස්ත්‍රී දුෂණ නඩුවකට අදාළ අනෙක් පාර්ශවය සමථයකට පත් කිරීමත් තවත් නඩු කිහිපයක් වෙනුවෙන් පැවති වරෙන්තුවක් ක්‍රියාත්මක නොකර සිටීමටත් මෙම සැරෙන්වරයා පැමිණිලිකරුගෙන් මෙම ලක්ෂ තුනහමාරක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙන බව නිලධාරීහු කියති.
සැකකරු ඊයේ (31) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිල්ලට විරැද්ධවද ? නඩු කියලා තියෙන්නේ