(ජේ.ඉඳුරුවගේ)
වරෙන්තුකරුවකු අත් අඩංගුවට ගැනීමට ගිය ඌරගස්මංහන්දිය පොලිසියේ කොස්තාපල්වරයකු එම වරෙන්තුකරු යම් කිසි ආයුධයකින් පහරදී ඇතැයි කියන සිද්ධියකින් හිසට හා උදරය ප්‍රදේශයට තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
වරෙන්තුකරුද එම ආයුධයෙන්ම තුවාල ලබා බලපිටිය රෝහලටම ඇතුලත් කර ඇතැයිද පොලිසිය කියයි.
ඌරගස්මංහන්දිය අටේ කණුව ප්‍රදේශයේ දී අද (17)සවස හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි 25 හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනකු ගිය අවස්තාවේ මෙම ප්‍රහාරය සිදුව තිබේ.
පොලිස් නිලධාරීන් දෙදෙනා වරෙන්තුකරු අල්ලාගත් විට ඔහු අතේ පැළඳගෙන සිටි බව කියන යම් කුඩා ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයාට පහර කීපයක් එල්ල කර පොලිස් නිලධාරීන් දෙදෙනා සමග පොරබදා පලාගොස් ඇතැයි පැවසේ.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරෙන්තුකරුගේ ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල් රෝහලේ